කලකට පසු යසීර් ෂාත් පාකිස්තාන් විස්සෙ සංචිතයට

122

ශ්‍රී ලංකාවට සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ලොව විස්සයි-20 විශේෂඥයා ලෙස පිළිගැනෙන සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන විස්සයි-20 සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.

එහිදී එක්දින තරගාවලියේදී ක්‍රීඩා නොකළ 6 දෙනකු කණ්ඩායමට කැඳවා ඇති අතර, එක්දින තරගාවලියට එක්වූ අසාර් අලි, රහත් අලි, ඒසාන් අඩිල්, බිලාල් අසීෆ්, බාබර් අසාම්, අසාඩ් සෆීක් විස්සයි-20 කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

ඒ අනුව ප්‍රකාශයට පත් කර ඇති කණ්ඩායමට ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේදී ආබාධයට ලක්වූ වහාබ් රියාස් ශාරීරික යෝග්‍යතාව යහපත් වුවහොත් පමණක් කණ්ඩායමට ඇතුළත් කරගැනීමට නියමිතව ඇති අතර, එම අවස්ථාව ඔහුට අහිමිවුවහොත් මේ දක්වා විස්සයි-20 වරම් දිනා නොමැති ෂියා උල් හක් කණ්ඩායමට එක්කර ගැනීමට නියමිතය.
2011 වසරේදී අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇති යසීර් ෂා ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් හා එක්දින තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් සිවු වසරකට පසු විස්සයි-20 සංචිතයට කැඳවා තිබීමද විශේෂත්වයකි.


පාකිස්තාන විස්සයි-20 සංචිතය – සහීඩ් අෆ්රිඩි (නායක), සෆ්‍රාස් අහමඩ් (උපනායක), අහමඩ් ෂේෂාඩ්, නව්මන් අන්වර්, මොහොමඩ් හෆීස්, මුක්තාර් අහමඩ්, උමාර් අක්මාල්, ෂොයිබ් මලික්, මොහොමඩ් රිස්වාන්, යසීර් ෂා, සොහේල් තන්වීර්, ඉමාඩ් වසීම්, අන්වර් අලී, මොහොමඩ් ඉර්ෆාන්, වහාබ් රියාස්/ෂියා උල් හක්