ශ්‍රී ලංකාවට එන ඇෆ්ගනිස්තාන සංචිතය නම් කරයි

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

350
Afghanistan announce squad

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරග සංචාරය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිවේදනය කර තිබෙනවා.

ජුනි 2 වැනිදා සිට 7 වැනිදා දක්වා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත මෙම සංචාරයේ දී ඇෆ්ගනිස්තාන නායකයා ලෙස Hashmatullah Shahidi කටයුතු කිරීමට නියමිතයි.

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Abdul Rahman 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර ඇති අතර මින් පෙර ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින සංචාරය සඳහා නම් කර සිටි Shahidullah Kamal, Yamin Ahmadzai, Zia Ur Rahman Akbar සහ Gulbadin Naib යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙම සංචිතයට ඇතුළත්.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සභාපති Mirwais Ashraf ප්‍රකාශ කරන්නේ, “මෙම සංචාරය සඳහා නවක මුහුණු කිහිපයත් ඇතුළත් වීම හොඳ දෙයක්. ලෝක කුසලානය සඳහා වන පුහුණුවීම් කටයුතු මේ වන විටත් ආරම්භ වෙලා තියෙන්නේ සහ අපි සොයනවා හොඳ ක්‍රීඩක සංකලනයන් මෙම තරගාවලිය සඳහා,” යනුවෙනුයි.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, Super Cola Green Afghanistan One Day Cup 2023 තරගාවලියේ දී ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් දක්ෂතා දක්වන අතර එම දක්ෂතා මෙම සංචාරය තුල දී ද දැක ගැනීමට හැකි වනු ඇති බවයි.

ඇෆ්ගනිස්තාන සංචිතය: Hashmatullah Shahidi (C), Rahmat Shah (VC), Rahmanullah Gurbaz (WK), Ibrahim Zadran, Riaz Hassan, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhail (WK), Azmatullah Omarzai, Rashid Khan, Mujib ur Rahman, Noor Ahmad, Abdul Rahman, Fazal Haq Farooqi and Farid Ahmad Malik.

තරග කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
ජුනි 2 පළමු එක්දින තරගය හම්බන්තොට
ජුනි 4 දෙවැනි එක්දින තරගය හම්බන්තොට
ජුනි 7 තෙවැනි එක්දින තරගය හම්බන්තොට

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<