19 වැනි සල්පිටි රයිගම් කෝරල සටනට ක්‍රීඩකයින් අවි අමෝරයි

153

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 19 වැනි වරටත් පැවැත්වෙන “සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 27 සහ 28 දෙදින පුරා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වේ.

දිනෙත්, මිරංග සහ අවිශ්ක ශතක රැස් කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ …..

2001 වර්ෂයේ සිට පැවත එන සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් සටනේ ඉතිහාසය පිරික්සා බලන විට 2005, 2009 හා 2010 යන වර්ෂවල දෙදින ක්‍රිකට් තරගය ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්ව ඇත. අනෙකුත් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. 

එසේම මේ පාසල් දෙක අතර සීමිත පන්දුවාර තරග හතරක් මේ වන විට පවත්වා ඇති අතර එයින් තරග 4ක් ජයග්‍රහණය කර ඇත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විසිනි. අනෙක් තරගය (2018) ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන මෙම විද්‍යාල දෙකම මෙවර තරගාවලියේ දී තමන්ගේ කාණ්ඩ යටතේ දැක්වූ දක්ෂතා අනුව මෙවර මහා තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාවයි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය

1887 දී මෙරට පාසල් පද්ධතියට එකතු වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලය මෙවර තරග වාරයේ දී (2019/20) තරග 15කට සහභාගී වී ඇති අතර ඉන් තරග 6ක පූර්ණ ජයග්‍රහණ ලබාගෙන ඇත. 

එහි දී ඔවුන් හමුවේ පානදුර රාජකීය විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන විද්‍යාලය ඇතුළු විද්‍යාල කිහිපයක් පරාජය වී ඇත. ඊට අමතරව ඉන් තරග 6ක දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ඇත්තේ එකඳු තරගයක් හෝ පූර්ණ පරාජයකට ලක්නොවෙමිනි.

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග පිටියේ මෙන්ම පාසල් ක්‍රිකට් පිටියේ ද අත්දැකීම් රැසක් ඇති චමෝද් සඳරු පිළියන්දල මධ්‍ය විද්‍යාල කණ්ඩායම මෙහෙය වීමේ කාර්යයේ නිරත වේ. 5 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන චමෝද් මෙවර තරග වාරයේ දී තරග 15කට සහභාගි වී ලකුණු 700කට අසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. එයට අර්ධ ශතක 8ක් ඇතුළත්ය. 

පන්දු යැවීමේ අංශයේ වෙනුවෙන් දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක සඳුන් සත්සර කඩුලු 60කට ආසන්න ප්‍රමාණයක් දවා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙස සිටින අතර ඔහු පිතිකරණයෙන් ද ලකුණු 250කට ආසන්න ලකුණු ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇත.

ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව රුචිර අධිකාරි,ජමිත් දිල්ශාන්, උෂාන් දීමන්ත යන ක්‍රීඩකයින් මෙවර පාසල් මහා ක්‍රිකට් ගැටුමේ දී පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩි දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම

චමෝද් සඳරු (නායක), රුචිර අධිකාරී, ජමිත් දිල්ශාන්, සසංඛ ලක්ෂාන්, උෂාන් දීමන්ත, සඳුන් අබේවර්ධන, ආකාශ් අකලංක, හේෂර කොඩිතුවක්කු, නෙත්ම අශේන්, සිතුම් නිම්ලක, මොවින් පෙරේරා, මයුර එදිරිසිංහ, මයුර එදිරිසිංහ, ලක්ෂිත කුලරත්න, සෙනිරු දිල්මිත්, ජයංග මදුශාන්, හසිත නිරෝෂන්, රමෝද්‍ය බාලසූරිය, ලශාන් වගීෂ, චනූප ජනුල්, සංදේශ් ප්‍රවීන්, තිවංක සංදර්ශ, එරංග ගුණරත්න (ප්‍රධාන පුහුණුකරු), හර්ෂණ ප්‍රමෝද් (සහාය පුහුණුකරු), හර්ෂණ ප්‍රමෝද් (සහාය පුහුණුකරු), සුදේශ් හර්ෂ (සහාය පුහුණුකරු), අරුණ ලියනගේ (ක්‍රිකට් භාර ආචාර්ය)

තිසර සහ මාලිංග ආසියානු විස්සයි විස්ස කණ්ඩායමට

බංග්ලාදේශයේ පියා ලෙස සලකනු ලබන ශෙයික් මුජිබර් රහාමන්ගේ 100 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ……

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය

වසර 114ක ඉතිහාසයකට හිමිකම් කියන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී B කාණ්ඩය නියෝජනය කරමින් තරග 13කට සහභාගී වී ඉන් එක තරගයක් පූර්ණ ලෙස ජයග්‍රහණය කර ඇත. ඒ කොළඹ අසෝක විද්‍යාලයට එරෙහිව ය. 

ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණ 7ක් හිමිකරගෙන ඇති හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ පරාජයන් තුනකට හිමිකම් කියයි.

කණ්ඩායමේ නායකත්වය වර්ණලාභී ක්‍රීඩකයෙක් වන චමිඳු රන්විනු වෙත හිමිව ඇත. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණයෙන් ලකුණු 400කට ආසන ප්‍රමාණයක් ලබාගෙන ඇත. 

ඔහු තක්ෂිලාවේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරද්දී ඔවුන්ගේ විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු අතර සිටින එරංග ජයකොඩි තරග 13කට සහභාගි වී ලකුණු 650කට ආසන්නව ලකුණු රැස් කර ගෙන ඇත්තේ එක තරගයකට ලකුණු 50කට ආසන්න ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. එසේම  ඒ අතරට අර්ධ ශතක 5ක් ද අන්තර්ගතව ඇත.

පන්දු යැවීමේ අංශය වෙනුවෙන් තිසර සචින්තන කඩුලු 45ක් දවාගෙන කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙස ඉදිරියෙන් සිටියි. 

ඉහත දැක්වූ ක්‍රීඩකයින්ට අමතරව සෙනෙත් වින්විනු, සසංක අදීප, චමිඳු රන්විනු සහ විදුශාන් යසින්ත යන ක්‍රීඩකයින් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් මෙවර පාසල් මහා ක්‍රිකට් ගැටුමේ දී වැඩි දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම

චමිඳු රන්විනු (නායක), සසංක අදීප, ගිහාන් මදුභාෂ්, එරංග ජයකොඩි, දේශනා දිල්මිත්, විදුශාන් යසින්ත, සෙනෙත් වින්විනු, උමේෂ් ප්‍රසාද්, තිසර සචින්තන, මලිත් කෞශල්‍ය, රසිඳු තාරුක, රවීන් රන්සිඳු, රොමේෂ් ධනුෂ්ක, බිනුප සන්දිනු,  කමල් සුජීව මහතා (පුහුණුකරු, ක්‍රිකට් භාර ආචාර්ය), ගවින්ද බස්නායක (සහාය පුහුණුකරු)

සල්පිටි රයිගම් කෝරල ක්‍රිකට් සංග්‍රාමය ලෙසින් ප්‍රසිද්ධියට පත් මේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයෝ තම දක්ෂතා උපරියෙන්ම දැක්වීමට සූදානම්ව සිටී.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන වාර්ෂික දෙදින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 27 හා 28 පැවැත්වෙන අතර සීමිත පන්දුවාර තරගය පෙබරවාරි 29 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වේ. තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්ව සිටියි.

ඔබ සිතන විදිහට මේ වසරේ දී මහා තරගය සහ එක්දින තරගය ජයග්‍රහණය කරනු ලබන්නේ කුමන පාසල විසින් ද? ඔබේ අදහස පහතින් Comment කරන්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<