ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරයි

276

13 වැනි වරටත් පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලබන වසරේ මාර්තු මස 9 වැනිදා සිට18 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැත්වෙන අතර එහි දී ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ පරීක්ෂණ සැප්තැම්බර් මස 2 වැනිදා සුගතදාස එළිමහන් බීච් වොලිබෝල් පිටියේ දී පැවැත්වේ.

වෙරළ වොලිබෝල් වැඩි ගෞරවය ගුවන් සහ යුද හමුදාවට

SUNQUICK ආයතනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ..

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින හා පාකිස්තානය යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වසර 4කට වරක් පවත්වනු ලැබේ. මීට පෙර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල් වල දී බීච් වොලිබෝල් තරග ඉසව් පවත්වා නොමැති අතර 2019 වසරේ දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පළමු වරට බීච් වොලිබෝල් තරග ඉසව්ව පැවැත්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා කාන්තා හා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම් දෙකක් පිටත් කර හැරීමට සූදානමින් සිටින අතර එම තරග ඉසව් සඳහා සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණ 2018 වසරේ සැප්තැම්බර් මස 2 වැනිදා උදෑසන 8.30 සිට සුගතදාස ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදිකළ එළිමහන් බීච් වොලිබෝල් පිටියේ දී පැවැත්වෙනු ඇත.

රටවල් 8කින් එක වෙන්න ශ්‍රී ලංකා වොලිබෝල් සිහින දකී

සැප්තැම්බර් මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා..

ඒ සඳහා සහභාගී වීමට කැමති ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එදින උදෑසන 8 වන විට ක්‍රීඩා පිටියට පැමිණ සිටිය යුතු බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසා සිටී.

එහි වැඩිදුර තොරතුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතීමෙන් හෝ පහත සඳහන් ලිපිනයට ලිපියක් ලිවීම මඟින් දැනගත හැකිය.

ඒ. එස් නාලක
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය
0777864626

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<