Abu Dhabi T10 ආරම්භ වෙයි!

Abu Dhabi T10 League

562

හය වැනි වරටත් පැවැත්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය අද (23) සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් Kieron Pollard විසින් නායකත්වය දරන New York Strikers කණ්ඩායම සහ Shakib Al Hasan ගේ නායකත්වයෙන් යුත් Bangla Tigers කණ්ඩායම අතර තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 5.30ට පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

එම තරගයෙන් අනතුරුව සවස 7.45ට පසුගිය තරගාවලියේ ශූරයින් වන Nicholas Pooran විසින් නායකත්වය දරන Deccan Gladiators සහ Chris Lynn විසින් නායකත්වය දර Team Abu Dhabi කණ්ඩායම් අතර මෙවර තරගාවලියේ දෙවැනි තරගය පැවැත්වීමට නියමිතයි.

Andre Russell, David Wiese සහ Tabraiz Shamsi වැනි ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් Deccan Gladiators ගියවර කණ්ඩායම් තරග වටයේ දී (Group stages) මුහුණ දුන් තරග 10න් 7ක් ජයග්‍රහණය කරමින් ඉදිරි වටයට ගොස් Delhi Bulls පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

ගියවර අනුශූරතාවය දිනා ගත් Bulls Dwayne Bravo විසින් මෙහෙයවන අතර, පසුගිය අවසන් මහා තරගයේ දී එම කණ්ඩායමට එරෙහිව Andre Russell විසින් පන්දු 32කින් ලකුණු 90 ලබා ගැනීමට සමත් වීම විශේෂ මතකයන්ගෙන් එකක් වන අතර ගිය වර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමත් වුනා.

මේ අතර මෙවර තරගාවලිය සඳහා නවතම කණ්ඩායම් දෙකක් (New York Strikers සහ Morrisville Samp Army) එකතු වන්නේ සමස්ත කණ්ඩායම් ප්‍රමාණය 8 දක්වා ඉහළ දමමිනුයි.

මෙවර තරගාවලියට ක්‍රීඩකයින් 140ක් ගිවිසුම්ගත වී ඇති අතර, ඒ අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න මෙන්ම  Eoin Morgan, David Miller, Adil Rashid, Alex Hales වැනි ප්‍රසිද්ධ විදෙස් ක්‍රීඩකයින් රැසක් ද සිටිනවා.

ඒ අනුව ඉදිරි දින 12ක දී තරගාවලියේ සමස්ත තරග 33ක් පැවැත්වීමට නියමිතව පවතින අතර එහි දී සෑම කණ්ඩායමකටම අනෙක් කණ්ඩායම් එක වරක දී මුණ ගැසෙනු ඇත.

මූලික වටයේ දී මුල් ස්ථාන හතර හිමි කරගන්නා කණ්ඩායම් හතරට ඊළඟ වටය තෙක් යාමට හැකියාව ලැබෙන අතර ඒ කණ්ඩායම් අතරින් අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් ද්විත්වය තෝරා ගනු ඇත.

අදින් ආරම්භ වන අබුඩාබි T10 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<