සචිඳු වෙනුවට වනිඳු ශ්‍රී ලංකා නැගී එන සංචිතයට

3279
cricket

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයන් දෙක පසුගිය දා (9) නිකුත් කළ අතර එහි එක්දින සංචිතයේ සිටි සචිඳු කොළඹගේ ආබාධයකට ලක්ව තිබෙන නිසා ඒ වෙනුවට වනිඳු හසරංගව සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව අද (15) තීරණය කර ඇත. 

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා නැගී එන සංචිතයට අලුත් මුහුණු කිහිපයක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ …..

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා එන්. සී. සී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් පළමු පෙළ දේශීය ක්‍රිකට් පිටිය තුල දස්කම් දැක්වූ පා දඟපන්දු යවන ක්‍රීඩක සචිඳු, අතෙහි ඇතිව තිබෙන ආබාධයක් නිසාවෙන් සංචිතයෙන් ඉවත් කොට ඒ වෙනුවට පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා නැගී එන එක්දින සංචිතයට ඇතුළත් කර තිබේ.  

වනිඳු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 10කට සහභාගී වී කඩුලු 10ක් දවාගෙන තිබෙන අතර ඊට අමතරව කොළඹ ක්‍රිකට්  කරන ඔහු දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය තුල තරග 30ක දී කඩුලු 68ක් දවාගෙන දස්කම් දක්වා ඇත.

එසේම ශිරාන් ප්‍රනාන්දු, වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර යන ක්‍රීඩකයින් පළමු වතාවට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබීම සුවිශේෂී වන අතර ඊට අමතරව ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සඳුන් වීරක්කොඩි, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු හා අමිල අපොන්සු මේ සංචිතයට ඇතුලත්ව සිටියි.

මේ මස 19 වැනිදා සිට සැප්තැම්බර් මස 6 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන මෙම තරග සංචාරය සඳහා නිල නොවන එක්දින ක්‍රිකට් තරග තුනක් හා නිල නොවන සිව්දින ක්‍රිකට් තරග දෙකක් ඇතුළත්ය.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියේ මේ තරග කාලසටහන නිල වශයෙන් පළ කර තිබූ අතර ඔවුන්ට අනුව ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 16 වැනිදා බංග්ලාදේශය වෙත පැමිණීමට නියමිතව ඇත. මේ තරග සංචාරය ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක් වන්නේ, 2019 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත නිසාවෙනි. 

කෝලිට තවත් ශතකයක්; ඉන්දියාවට තරගාවලි ජයක්!

එකම තරගාවලියක දෙවැනි වරටත් ඉන්දීය නායක …….

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ පැවැත්වුණු නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට එකිනෙකා මුණගැසුණු අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් මහතා විසිනි. 

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, මිනෝද් භානුක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, අමිල අපොන්සු, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ජෙහාන් ඩැනියල්, ශිරාන් ප්‍රනාන්දු, නුවන් තුෂාර, කලන පෙරේරා

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ සිව්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), ලහිරු උදාර, සංගීත් කුරේ, පැතුම් නිස්සංක, ප්‍රමෝද් මදුවන්ත, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ජෙහාන් ඩැනියල්, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, නිශාන් පීරිස්,  චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, මොහොමඩ් ශිරාස්.

Photos: Pre-Departure Media Briefing of Sri Lanka Emerging Team Tour To Bangladesh

තරග කාලසටහන 

  • අගෝස්තු 19 – පළමු නිල නොවන එක්දින තරගය – සාවා 
  • අගෝස්තු 21 – දෙවන නිල නොවන එක්දින තරගය – කුල්නා 
  • අගෝස්තු 24 – තෙවැනි නිල නොවන එක්දින තරගය – කුල්නා 
  • අගෝස්තු 27 සිට 30 දක්වා – පළමු සිව්දින තරගය – කුල්නා 
  • සැප්තැම්බර් 3 සිට 6 දක්වා – දෙවන සිව්දින තරගය – කොක්ස් බාසා 

මේ තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<