ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ (20) පැවැති තරගවල දී සෙහස් ආශිංස, මානිත රාජපක්ෂ, රෙශෝන් සොලමන්ස්, ස්ටෙවෝන් පීරිස්, හිරුන් ලියනාරච්චි සහ චනිරු සේනාරත්න ශතක වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගයේ දී මහින්ද විද්‍යාලයේ සෙහස් ආශිංස සහ මානිත රාජපක්ෂ ශතක වාර්තා කළා.
මානිත රාජපක්ෂ පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 115ක් ද සහ ආරම්භක පිතිකරු සෙහස් ආශිංස පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගත්තා.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ රෙශෝන් සොලමන්ස් සහ ස්ටෙවෝන් පීරිස් ද ශතක ලබා ගැනීමට සමත් වූවා.
එහි දී ස්ටෙවෝන් පීරිස් පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 139ක් ලබා ගනිද්දී රෙශෝන් සොලමන්ස් පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගයේ දී රාජකීය විද්‍යාලයේ ආරම්භක පිතිකරු හිරුන් ලියනාරච්චි ද පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයේ චනිරු සේනාරත්න පන්දු 170කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 160ක් ලබා ගත්තා.
මේ අතර බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ හිරුක සිල්වා (නොදැවී 55), මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සජන වීරසේකර (51) සහ වෙස්ලි විද්‍යාලයේ බිනෝත් සංදිල් (57) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ දකුණතින් පා දඟ පන්දු යැවූ ශෙහාන් අශේන් ප්‍රතිවාදී මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 15කට දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වුණා. ඊට අමතර ව කොළඹ වෙස්ලි විද්‍යාලයේ මෙත්නුල මායාදුන්න කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහි ව ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
- සිනෙත් සහ කෞෂික ශතක සබඳතාවක් එක් කරයි
- ආරොන්, මතීෂ සහ අකීල් දක්ෂතා දක්වයි
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (76.0)දුල්සිත් දර්ශන 60, රන්දුල මාබරණ 50, කවීෂ ගිත්මාල් 40, විශ්මිත සත්සර 42, සදිල් ඩයස් 6/56, තරුෂ රණසිංහ 2/42
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (60.2)පමුල ලොකුලියන 33, තරුෂ රණසිංහ 49, චනුල් අතලේ 20, කවිඳු නිම්සර 2/34, විශ්මිත සත්සර 4/14, මානිත රාජපක්ෂ 2/31
- මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 249 (54.0) සෙහස් ආශිංස නොදැවී 114, මානිත රාජපක්ෂ 115, සිත්රු ගුණරත්න 2/67
තරගයේ විසඳුමක් නෑ. (ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
- මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (29.4)මනුජ නයනජිත් නොදැවී 18, නෙතුල් අනුහස් 2/20, පසිඳු පෙරේරා 3/12, මතීෂ අපෝන්සු 4/32
- වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (64.2)මතීෂ අපෝන්සු 69, නෙතුල් අනුහස් 32, දිනෙත් ජිනේන්ද්‍ර 20, ඔජශ් සංකර් 27, සවිඳු සත්සර 2/43, ශිනාස් අස්කර් 3/75
- මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය- දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 96 (36.5) මනුජ නයනජිත් 33, ගවීෂ ඉඳුවර 22, සෙහස් ආශිංස 6/15
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ඉනිමක ලකුණු 18ක ජයක්.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 6 වටයත් ජයග්‍රහණයකින් ආරම්භ කරයි
- සදිල් සහ මතීෂ දක්ෂතා දක්වයි
- Major Club සිව් දින තරගාවලියේ පළමු දිනයට ශතක 5ක්
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරුව
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවි 332 (80.0)මෙතුක ගුණරත්න 21, රෙශෝන් සොලමන්ස් 112, ස්ටෙවෝන් පීරිස් 139, අදීශ ලක්ශාන් 4/69, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/96
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 16 (8.0)
සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 316ක් පිටුපසින්.
කොළඹ රාජකීය විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (61.1)හිරුන් ලියනාරච්චි 102, යසිඳු දිසානායක 44, ජනිත් පණ්ඩිතරත්න 3/34, සශිදු සිල්වා 3/08
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 119 (33.0)හිරුක සිල්වා නොදැවී 55, සදීශ සිල්වා නොදැවී 39,
සාන්ත පීතර විද්‍යාලය ලකුණු 88ක් පිටුපසින්.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 281 (73.5)සජන වීරසේකර 51, චනිරු සේනාරත්න 160, ඉමන්ජිත් දිසානායක 34, රචින්ත ද සිල්වා 4/76, ලෙසඳ හේවාපතිරණ 3/39, ඉනුප දින්සර 2/61
- තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 4 (4.0)
තර්ස්ටන් විද්‍යාලය ලකුණු 277ක් පිටුපසින්.
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 194 (46.5)සම්මා ප්‍රනාන්දු 34, බිනෝත් සංදිල් 57, ඔමේග කරුණාරත්න නොදැවී 37, කවිඳු හෙට්ටිආරච්චි 20, යෙශිදු මනීශ 2/41, තිතිර ප්‍රනාන්දු 3/48
- ඉසිපතන විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 94 (20.5)මෙනුල සදෙව් 36, තිතිර ප්‍රනාන්දු නොදැවී 23, කවිඳු හෙට්ටිආරච්චි 2/32, මෙත්නුල මායාදුන්න 5/13, දිනුජ සමරරත්න 2/06
- වෙස්ලි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 45 (14.0)
වෙස්ලි විද්‍යාලය ලකුණු 145ක් ඉදිරියෙන්.
මෙම තරග හෙට (21) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















