Home Sinhala සොනාල්, සූරි සහ කමිඳු අසාර්ථක ඉනිම් දීප්තිමත් කරයි

සොනාල්, සූරි සහ කමිඳු අසාර්ථක ඉනිම් දීප්තිමත් කරයි

India tour of Sri Lanka 

2
India tour of Sri Lanka 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වැනි දිනය (26) අවසන් වෙද්දී තම 2 වැනි ඉනිමට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා සිටියා.

ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට දෙවැනි වරටත් පිටියට පිවිසෙමින් වන අතර මේ වෙද්දී ඔවුන් ලකුණු 16ක් ඉදිරියෙන් පසුවෙනවා.

කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූ අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 290ක් පමණයි.

ඔවුන් අද තරගය ආරම්භ වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටියා. ඒ වෙද්දී සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ලහිරු කුමාර නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

දිනයේ පළමුවෙන් ම කඩුල්ල අහිමි කර ගන්නේ ලහිරු කුමාර. ඔහු දැවී යද්දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා. මෙම ඉනිමේ දී ලහිරු කුමාර විසින් වැය කරන ලද පන්දු ප්‍රමාණය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ එක් ඉනිමක දී රැඳී සිටි වැඩි ම පන්දු සංඛ්‍යාවයි.

සොනාල් දිනූෂ සහ ලහිරු කුමාර 9 වැනි කඩුල්ලට පන්දු 111ක දී ලකුණු 58ක සබඳතාවක් ගොඩ නගා තිබුණා.

මෙම තරගයේ දී සොනාල් දිනූෂ තමන් මුහුණ දුන් 147 වැනි පන්දුවේ දී තම ටෙස්ට් තරග දිවියේ 2 වැනි ශතකය වාර්තා කළා. ඔහු ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 103ක් ලබා සිටියා.

අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු ලකුණක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.

අද දිනයේ ඔවුන් තම පළමු ඉනිමට ක්‍රීඩා කළේ පන්දුවාර 6කට පමණක් වන අතර කඩුලු දවා ගැනීමේ දී  Prasidh Krishna සහ Manav Suthar කඩුල්ලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Saransh Jain කඩුලු 2ක් ද, Mohammed Siraj සහ Ravindra Jadeja කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පළමු ඉනිම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 213ක් අඩුවෙන් පැවැතීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පිට පිට 2 වැනි වරටත් පන්දුවට පහර දීමට සංචාරකය ක්‍රීඩකයෝ ආරාධනා කරනවා.

සුපුරුදු ලෙසින් ම ලහිරු උදාර සහ කමිල් මිෂාර විසින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ද ඔවුන්ගේ 1 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 5කට සීමා වෙනවා. පළමු ඉනිමේ දී සේ ම මෙම ඉනිමේ දී ලහිරු උදාරට සාර්ථක ඉනිමක නිරත වීමට හැකි වෙන්නේ නැහැ. ඔහුට ලබා ගැනීමට හැකි වෙන්නේ පන්දු 15ක දී ලකුණු 3ක් පමණයි.

අනතුරු ව 2 වැනි කඩුල්ලට කමිල් මිෂාර ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා. ඔහු දැවී යන විට පසිඳු සූරියබණ්ඩාර හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 68ක දී ලකුණු 58ක සබඳතාවක් ද එක් කර තිබුණා.

දහවල් විවේකය වෙද්දී ශ්‍රී ලංකා ඉනිම එම දැවී ගිය කඩුලු ද්විත්වයෙන් නැංගුරම් ලා තිබුණා. ඒ වෙද්දී ලකුණු පුවරුව 83ක් ව තිබූ අතර පසිඳු සූරියබණ්ඩාර ලකුණු 35ක් ලබා ගනිමින් ද සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 10ක් ලබා ගනිමින් ද දෙඅන්තයේ නොදැවී රැඳී සිටියා.

දිවා විවේකයනේ පසුව ද ඔවුන් දෙදෙනා ප්‍රතිවාදීන්ට වෙහෙසකර කාර්තුවක් නිර්මාණය කළා. ඔවුන් දෙදෙනා ම ලකුණු 55ක් බැගින් ලබා සිටිය දී ඉනිමේ 3 වැනි කඩුල්ලට කමිඳු මෙන්ඩිස් දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට එක් කරගත් අතර එය ඔහුගේ  ටෙස්ට් තරග දිවියේ 7 වැනි අර්ධ ශතකයයි.

කමිඳු මෙන්ඩිස්ගේ මෙම අර්ධ ශතක ඉනිම ඉනිම් 4කට පසුව වාර්තා වූවක් වන අතර ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 170ක දී ලකුණු 115ක සබඳතාවක් එක් කරනවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ධනංජය ද සිල්වා නැවතත් අසාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පිටිය හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලබා තිබුණේ ලකුණු 23ක් පමණයි.

එම දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 10 වැනි පන්දුවේ දී එතෙක් සාර්ථක පිතිකරුවෙක් ලෙසින් පිටිය සැරසූ පසිඳු සූරියබණ්ඩාර ද දැවී යනවා. ඔහු දැවී යද්දී පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියා. එම ඉනිම ඔහු විසින් පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී දැවී යෑමෙන් අනතුරු ව නැවත වතාවක් නිරෝෂන් දික්වැල්ල ද අසාර්ථක පිතිකරුවන්ගේ ගොන්නට වැටෙමින් ලකුණු 6කට දැවී යනවා. ඔහුගේ ඉනිම පන්දු 12කට සීමා වූවා.

තරගය වර්ෂාව හේතුවෙන් සිවු වැනි දිනයට නතර කරන විට සොනාල් දිනූෂ නොදැවී ලකුණු 7ක් ද සහ කේශර නුවන්ත නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Manav Suthar කඩුලු ද්විත්වයක් දවා ගත් අතර ඊට අමතර ව Mohammed Siraj, Prasidh Krishna, Ravindra Jadeja සහ Saransh Jain කඩුල්ල බැගින් දවා ගත්තා.

 තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 503 (138.0)Yashasvi Jaiswal45, Devdutt Padikkal 117, Shubman Gill 50, Rishabh Pant 63, Ravindra Jadeja 43, Dhruv Jurel නොදැවී 115, අසිත ප්‍රනාන්දු 4/106, ප්‍රභාත් ජයසූරිය 132/2, කේශර නුවන්ත 2/154
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (89.4) පසිඳු සූරියබණ්ඩාර 80, කමිඳු මෙන්ඩිස් 32, සොනාල් දිනූෂ 103, Prasidh Krishna3/52,Manav Suthar 3/85, Saransh Jain 2/69
  • ශ්‍රී ලංකාව –දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 229 (72.4)කමිල් මිෂාර 32, පසිඳු සූරියබණ්ඩාර 92, කමිඳු මෙන්ඩිස් 55, ධනංජය ද සිල්වා 23, Manav Suthar 2/81

ශ්‍රී ලංකාව ලකුණු 16ක් ඉදිරියෙන්.

Stumps
Sri Lanka
290/10 (89.4) & 229/6 (72.4)
India
503/9 (138)
Batsmen R B 4s 6s SR
Yashasvi Jaiswal b Asitha Fernando 45 53 9 0 84.91
KL Rahul c Niroshan Dickwella b Lahiru Kumara 18 33 2 1 54.55
Devdutt Padikkal b Keshara Nuwantha 117 193 12 0 60.62
Shubman Gill c Niroshan Dickwella b Asitha Fernando 50 108 6 0 46.30
Rishab Pant c Lahiru Udara b Keshara Nuwantha 63 89 6 2 70.79
Ravindra Jadeja b Asitha Fernando 43 83 4 0 51.81
Dhruv Jurel not out 115 177 9 2 64.97
Saransh Jain c Kamil Mishara  b Asitha Fernando 6 8 1 0 75.00
Manav Suthar c Niroshan Dickwella b Prabath Jayasuriya 18 51 2 0 35.29
Mohammed Siraj lbw b Prabath Jayasuriya 3 29 0 0 10.34
Prasidh krishna not out 4 7 1 0 57.14
Extras 21 (b 8 , lb 3 , nb 3, w 7, pen 0)
Total 503/9 (138 Overs, RR: 3.64)
Bowling O M R W Econ
Asitha Fernando 29 5 106 4 3.66
Lahiru Kumara 20 4 68 1 3.40
Prabath Jayasuriya 42 7 132 2 3.14
Keshara Nuwantha 38 3 154 2 4.05
Sonal Dinusha  3 0 8 0 2.67
Dhananjaya de Silva 2 0 8 0 4.00
Kamil Mishara  4 0 16 0 4.00
Batsmen R B 4s 6s SR
Lahiru Udara c Yashasvi Jaiswal b Prasidh krishna 1 6 0 0 16.67
Kamil Mishara  c Dhruv Jurel b Prasidh krishna 19 25 3 0 76.00
Prabath Jayasuriya lbw b Manav Suthar 2 7 0 0 28.57
sooriya bandara lbw b Ravindra Jadeja 80 133 9 0 60.15
Kamindu Mendis c Ravindra Jadeja b Prasidh krishna 32 58 3 1 55.17
Dhananjaya de Silva c KL Rahul b Manav Suthar 8 14 2 0 57.14
Sonal Dinusha  c KL Rahul b Saransh Jain 103 162 8 3 63.58
Niroshan Dickwella c Dhruv Jurel b Mohammed Siraj 0 3 0 0 0.00
Keshara Nuwantha c Saransh Jain b Manav Suthar 18 74 2 1 24.32
Lahiru Kumara c Dhruv Jurel b Saransh Jain 12 58 2 0 20.69
Asitha Fernando not out 1 4 0 0 25.00
Extras 14 (b 0 , lb 6 , nb 6, w 2, pen 0)
Total 290/10 (89.4 Overs, RR: 3.23)
Bowling O M R W Econ
Mohammed Siraj 11 0 33 1 3.00
Prasidh krishna 16 2 52 3 3.25
Manav Suthar 22 1 85 3 3.86
Saransh Jain 20.4 5 69 2 3.38
Ravindra Jadeja 20 4 45 1 2.25

Batsmen R B 4s 6s SR
Lahiru Udara c Saransh Jain b Mohammed Siraj 3 15 0 0 20.00
Kamil Mishara  lbw b Ravindra Jadeja 32 39 3 1 82.05
sooriya bandara st Rishab Pant b Manav Suthar 92 173 10 1 53.18
Kamindu Mendis c Shubman Gill b Prasidh krishna 55 92 1 2 59.78
Dhananjaya de Silva c Devdutt Padikkal b Manav Suthar 23 44 1 0 52.27
Sonal Dinusha  not out 7 37 0 0 18.92
Niroshan Dickwella lbw b Saransh Jain 6 12 1 0 50.00
Keshara Nuwantha not out 3 29 0 0 10.34
Extras 8 (b 3 , lb 0 , nb 5, w 0, pen 0)
Total 229/6 (72.4 Overs, RR: 3.15)
Bowling O M R W Econ
Prasidh krishna 10 1 31 1 3.10
Mohammed Siraj 9 4 11 1 1.22
Manav Suthar 18 2 81 2 4.50
Saransh Jain 17.4 3 55 1 3.16
Ravindra Jadeja 18 2 48 1 2.67

මෙම තරගය හෙට (27) 5 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<