නිලක්ෂිකා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගනී

SLC Major Club Women’s 50 Over Tournament 2026

1
Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගැනීමට Panadura SC කණ්ඩායමේ නිලක්ෂිකා ද සිල්වා සමත් වුණා.

ඇය මෙවර අර්ධ ශතකය ලබා ගන්නේ Navy SC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඇය පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගත්තා.

ඊට අමතර ව  Navy SC කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

CCC සහ Colts CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – සියලුම දෙනා දැවී 67 (33.3) විශ්මි සොයිසා 13, දාරියා දිසානායක 4/21, සුභද්‍රා සවනි 4/10
  • CCC – කඩුලු 8ක් දැවී 68 (28.3) යශෝධා මෙන්ඩිස් 25, ජනාදි අනාලි 3/23, සෙව්මිණි සසිකලා 2/07

CCC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Panadura SC සහ Navy SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – සියලුම දෙනා දැවී 194 (49.1) හසිනි පෙරේරා 23, හර්ෂිතා සමරවික්‍රම 84, ප්‍රමුදි මෙත්සරා 3/25, සුගන්දිකා කුමාරි 4/32, දේවගී ජෙගනාදන් 2/37
  • Panadura SC – කඩුලු 8ක් දැවී 198 (45.0) විමෝක්ෂා බාලසූරිය 30, නිලක්ෂිකා සිල්වා නොදැවී 78, සුගන්දිකා කුමාරි 49, ඉනෝකා රණවීර 3/53

Panadura SC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Major Club කාන්තා එක්දින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<