ගෙවුණු දවස ජනවාරි 01 – අයර්ලන්ත පුහුණු තරගයේ පළමු දිනය නිමයි

190

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

නව වසර ආරම්භයේ දී ක්‍රිකට්වලින් කණගාටුදායක පුවතක්

හිටපු විස්සයි විස්ස ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය, 2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කණ්ඩායම් 8 අතරට තේරී පත්ව නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

එහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව 2020 පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම 8 දෙනාගේ කාණ්ඩයට නොහොත් තරගයේ දෙවන වටයට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එක එල්ලේම සුදුසුකම් ලබාගෙන නොමැත්තේ දෙසැම්බර් මස 31 දිනට තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි – විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුවයි.

සම්පූර්ණ වාර්තාව: 2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ

මහීෂ් සහ තරිඳු අයර්ලන්තය එරෙහිව පන්දුවෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමු දිනය (01) අවසන් වූයේ අයර්ලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 159කට දැවී යමිනි.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම සුදුසු බැව් ය.

සම්පූර්ණ වාර්තාව: මහීෂ් තීක්ෂණ සහ තරිඳු කෞෂාල් දක්ෂ පන්දු යැවීමක

නව වසරේ මංගල ජය ඩී. එස් විදුහලට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර ඊයේ (01) බී. ආර්. සී. පිටියේ දී නිමා වූ තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමුවෙන් පන්දුවට පහර දුන් ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 74ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 164ක් ලබා ගත් හ.

සම්පූර්ණ වාර්තාව: ඩී. එස්. ක්‍රීඩකයෝ නව වසර ජයග්‍රහණයෙන් සමරති

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්