Virat Kohli එළවීම ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි

IPL තරගාවලිය 2020

461
(scroll.in)

Royal Challengers Bangalore 2020 IPL තරගාවලියේ eliminator තරගයෙන් නොසිතූ පරාජයක් හිමි කර ගත්තේ RCB නායක Virat Kohliගේ නායකත්වය පිළිබඳ අඳුරු වලාවන් මවමිනුයි. RCB තවමත් IPL කිරුළක් දිනා ගන්නට අසමත් වී ඇති අතර හිටපු ඉන්දීය පිතිකරු Gautam Gambhir ද Kohliගේ නායකත්වය විවේචනය කර තිබුණා. Kohli, RCB නායකත්වය දිනා ගෙන මේ වන විට වසර අටක්. 

කෙසේ වෙතත් Gambhirගේ සමකාලීන පිතිකරු Virender Sehwag පවසා සිටින්නේ Kohliව ඉවත් කිරීම ප්‍රශ්නයට විසඳුම නොවන බවයි. RCB සමබර කණ්ඩායමක් නොවන බවත්, කණ්ඩායම නිසා Kohli අසාර්ථක වී ඇති බවත් Sehwag පවසා සිටිනවා.

“නායකයෙක් හොඳ වෙන්නේ කණ්ඩායම එක්ක.  Virat Kohli ඉන්දියාව මෙහෙයවද්දී ඔහු හොඳ ප්‍රතිඵල ලබා දීලා තිබෙනවා. එක්දින, විස්සයි විස්ස මෙන්ම ටෙස්ට් තරගත් ඔහු දිනනවා. නමුත් ඔහු RCB මෙහෙයවද්දී ඔහුගේ කණ්ඩායම හොඳින් දස්කම් දක්වන්නේ නැහැ” Sehwag Cricbuzz වෙබ් අඩවිය වෙත පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්: 

“නායකයෙක්ට හොඳ කණ්ඩායමක් තිබීම ඉතා වැදගත්. මම විශ්වාස කරනවා කළමනාකාරිත්වය නායකයා වෙනස් කරන එක ගැන නෙවෙයි හිතන්න ඕනේ, මේ කණ්ඩායම දියුණු කරන්නේ කොහොමද කියලයි හිතන්න ඕනේ. කණ්ඩායමේ දක්ෂතා ඉහළට ගන්න කාවද ඇතුළත් කර ගන්න ඕනේ.”

RCB, Sunrisers Hyderabad එරෙහිව eliminator තරගය පරාජය වුනේ තරගාවලියෙන් ඉවත් වෙමිනුයි. කෙසේ වෙතත් ඔවුන් මෙවර තරගාවලියට ඉතා හොඳ ආරම්භයක් ලබා ගත් අතර පළමු තරග 10න් තරග 7ක් ම ජය ගන්නට ඔවුන් සමත් වුනා. 

ඉන් පසුව ඔවුන් තරග පහක් පිට පිටම පරාජය වීම කැපී පෙනුණා. Sehwag පවසා සිටින්නේ ස්ථාවර පිතිකරණ ලැයිස්තුවක් යනු හොඳ ආරම්භක පිතිකරුවෙක් මෙන්ම හොඳ පසු පෙළ පිතිකරුවන් ද සිටීම බවයි. 

“RCB හැර හැම කණ්ඩායමකටම හොඳ ස්ථාවර පිතිකරණ බලඇණි සිටියා. ABD හා Virat පන්දුව පහර දෙන ස්ථානය සැරින් සැරේ වෙනස් කළා” Sehwag පවසා සිටියා. Padikkal හොඳින් ලකුණු රැස් කරන නිසා මම විශ්වාස කරන්නේ RCB කණ්ඩායමට තවත් හොඳ ආරම්භක පිතිකරුවෙක් වගේම හොඳ පසුපෙළ පිතිකරුවෙක් අවශ්‍ය බවයි. මේ පිතිකරුවන් පස් දෙනා හොඳටම ඇති තරග දිනන්න. ඒ වගේම ඔවුන්ට ඉන්දියානු වේග පන්දු යවන්නන් විශ්වාස කරන්න වෙනවා.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<