ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (23) කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ වන විට ද තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළ සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ ඒ හේතුවෙන් ම මෙම තරගයට සැහැල්ලු මානසික තත්ත්වයකින් පිවිසෙනු නියතයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එසේ වෙන්නේ නැහැ. ඔහුන් මුහුණ දෙන පළමු අභියෝගය වෙන්නේ තම රටේ දී ම නැවත වතාවක් ඉන්දීය ක්‍රීඩකයන් හමුවේ වෙන පරාජයක් වලක්වා ගැනීමයි.
යම් විදිහකින් මෙම තරගය විසඳුමකින් තොරව අවසන් කිරිමට සත්කාරක ක්‍රීඩකයන්ට හැකි වෙන්නේ නම් මෙම තරගාවලිය ඉන්දු – ශ්‍රී ලංකා තරග ඉතිහාසයට එක් වෙන්නේ වසර 16කට පසුව නැවත වතාවක් විසඳුමකින් තොරව අවසන් වූ තරගාවලියක් ලෙසයි. දෙරට ක්‍රීඩකයන් අතර පැවැති තරගාවලියක් අවසන් වරට විසඳුමකින් තොරව අවසන් ව ඇත්තේ 2010 වසරේදීයි.
ඉන් අනතුරු ව 2015, 2017, 2017/18 සහ 2021/22 යන කාලයන් හී පැවැති තරගාවලියන් හතරේ ම ජයග්‍රහණ සතු කර ගන්නේ ඉන්දීයාවයි.
එබැවින් එම දත්තයන් හී වෙනසක් ද සහ මෙම තරගාවලිය අයත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ තම ස්ථාන තහවුරු කර ගැනීමේ සටනක් ද මේ හරහා නිර්මාණය වෙමින් පවතිතනවා. තරගාවලිය ආරම්භ වෙද්දී ඉන්දියාව තරග ජයග්‍රාහී ප්‍රතිශතය 48.15ක් සහිතව ද සහ ශ්‍රී ලංකාව තරග ජයග්‍රාහී ප්‍රතිශතය 41.67ක් සහිතව ද සිටියා. නමුත් දෙරට පළමු තරගය නිමා වෙද්දී ජයග්‍රාහී ඉන්දියාව එම ප්‍රතිශතය 53.33ක් දක්වා වැඩි කර ගත් අතර පරාජිත ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය 33.33ක් දක්වා පහත වැටුණා.
මේ දත්තයන් වඩාත් හිංසාකාරී වී ඇත්තේ ශ්‍රී ලංකාවටයි. එය තව තවත් තීව්‍ර වී ඇත්තේ ආබාධ සහිතවීම හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් අතරට පෙර තරගයේ දී ආබාධිත බවට පත් දිනේෂ් චන්දිමාල් ද එක් වීමයි.
එබැවින් ම දෝ 2 වැනි ටෙස්ට් තරගයට එක් වෙන කණ්ඩායම වඩාත් ශක්තිමත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරනවා. එහි කරනු ලැබූ ප්‍රධානත ම වෙනස්කම වෙන්නේ කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ කණ්ඩායමට අලුතින් ම කැඳවීමයි.
ඒ අනුව ඉදිරි පෙළ පිතිකරු සහ කඩුලු අත් ආවරණ රැඳී 25 වැනි වියේ පසුවෙන කමිල් මිෂාර සහ තුන්ඉරියව්වෙන් දක්ෂතා දක්වන 30 හැවිරිදි වියේ පසුවෙන සහන් ආරච්චිගේ යන දෙදෙනා ම ටෙස්ට් පිටියට කෝඩුකාරයන් ලෙසිනුයි මෙම තරගය හා එක්වෙන්නේ. ඔවුන් දෙදෙනා සේ ම පෙර තරගයේ දී ටෙස්ට් වරම්ලාභී ඉදිරි පෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර ද මෙම කණ්ඩායමට එක් කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි අගනුවර ආරංචි මාර්ග පවසන්නේ.
එසේ වෙන්නේ නම් පෙර තරගයට එක් වූ නිශාන් මදුශ්ක වෙනුවට ඉනිම ආරම්භ කිරීමේ වගකීම කමිල් මිෂාර හිමිවිය හැකි අතර සුපුරුදු පරිදි පසිඳු සූරියබණ්ඩාර ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කිරීමේ ඉඩකඩක් පවතිනවා.
යම් ලෙසකින් සහන් ආරච්චිගේ ද කණ්ඩායමට කැඳ වෙන්නේ නම් පෙර තරගය හා එක් වූ නවක ක්‍රීඩක කේශර නුවන්තට හෝ ප්‍රභාත් ජයසූරිය ට කණ්ඩායමෙන් ඉවතට යෑමට සිදු වෙනවා.
එසේ වුවහොත් සහන් ආරච්චිගේ ට පිතිකරුවෙක්ට අමතර ව දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වැඩ කොටසක් ඉටු කිරීමට සිදු වෙන අතර එසේ වුවහොත් කණ්ඩායමේ වැඩි බරක් පැටවෙන්නේ කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ හා කේශර නුවන්ත/ සහන් ආරච්චිගේ වෙතයි.
තරගයට එක් වෙනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණඩායම
ධනංජය ද සිල්වා (නායක), ලහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, සොනාල් දිනූෂ, නිරෝෂාන් දික්වැල්ල (කඩුලු රකින්නා), කේශර නුවන්ත/ සහන් ආරච්චිගේ, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු.
- කමිල් මිෂාර T20 වාර්තා පොත් අලුත් කරයි
- ශ්‍රී ලංකාව, තුන්කොන් තරගාවලියකට පාකිස්තානයට
- පළමු තරගයේ ජය ඉන්දියාවට
- ඉන්දු – ශ්‍රී ලංකා වසර 44ක ටෙස්ට් තරග ඉතිහාසය
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ලෙසින් තරගයට එක් වීමේ වැඩි ඉඩකඩක් පවතිද්දී ඉන්දීය කණ්ඩායම ලැබූ ජයග්‍රහණය තව දුරටත් රැක ගැනීම අරමුණු කර ගනිමින් පෙර තරගය හා එක් වූ කණ්ඩායම ම මෙම තරගය සඳහා ද කැඳවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, තම බිමේ දී දක්වන දක්ෂතා ඔවුන් කිසි ලෙසකිනුත් අඩු තක්සේරුවකට ලක් නොකරනු නියතයි. ප්‍රධානත ම පිතිකරුවන් නොමැති වූවත්, ලහිරු උදාර, ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ ට මෙන් ම කණ්ඩායම හා එක්වෙනු අතැයි විශ්වාස තබා සිටින නවක පිතිකරුවන් කෙරෙහි ද ඔවුන්ගේ අවධානය මේ වෙද්දී ද තබා ඇතිවාට සැක නැත.
ඔවුන් පාලනය කිරීමේ දී දඟ පන්දු යවන්නන් තිදෙනක් සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙක්ගේ සේවය පෙර පරිදිම මෙම තරගයේ දී ද යොදා ගැනීම ඔවුන්ගේ කියැවීමයි. එහි දී පෙර තරගයේ දී දඟ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දැක් වූ Manav Suthar මෙම තරගයේ දී ද විශ්මිත යමක් කරනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය වන අතර ටෙස්ට් තරග 90ක අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja ට ද මෙම තරගයේ දී වැඩි වැඩ කොටසක් පැවරෙනු නියතයි.
කණ්ඩායම එක් වූ පිතිකරුවන් කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය පළුදු වී නොමැති අතර යම් අයෙක් පෙර තරගයේ දී දුර්වල වී නම් ඔහු මෙම තරගයේ දී පෙර තත්ත්තවයට පිවිසෙනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.
තරගයට එක් වෙනු ඇතැයි අපේක්ෂිත ඉන්දීය කණ්ඩායම
Shubman Gill (නායක), Yashasvi Jaiswal, KL Rahul, Devdutt Padikkal, Rishabh Pant, Dhruv Jurel (කඩුලු රකින්නා), Ravindra Jadeja, Manav Suthar, Mohammed Siraj, Kuldeep Yadav, Prasidh Krishna
SSC ක්‍රීඩාංගණය ටෙස්ට් තරගයක් සඳහා විවෘත වෙන්නේ වසරකට වැඩි කාලයකට පසුවයි. ඔවුන් අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා මෙම ක්‍රීඩාංගණයට එක් ව ඇත්තේ 2025 වසරේ ජුනි මාසයේ දී බංග්ලාදේශය හා සමඟ පැවැති තරගයකටයි.
එම කාලය තුළ ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරග 46කට සහභාගී වී ඇති අතර ඉන් තරග 22ක් ජයග්‍රහණයෙන් අවසන් කරන ලද අතර තරග 10ක් පරාජිත තරග ලෙසින් ද සහ තවත් තරග 14ක් විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසින් ද අවසන් කර තිබෙනවා.
මේ අතුරින් ඉන්දියාව SSC ක්‍රීඩාංගණයේ දී තරග 9කට එක් ව ඇති අතර ඉන් තරග 3ක් ජයග්‍රහණය කරන ලද අතර අනෙක් තරග අවසන් වී ඇත්තේ පරාජිත තරග 2ක් සහ විසඳුමකින් තොරව අවසන් වූ තරග 4ක් ලෙසිනුයි.
තරගය පැවැත්වෙන කාලය තුළ SSC ක්‍රීඩාංගණය අවට දහවල් කාලයේ කාලගුණ තත්ත්වය දැක්වෙන්නේ කෙටි වැසි සහිත තත්ත්වයක් වන අතර රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි සහිත තත්ත්වයක් පවතින බවයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















