සකර්බර්ග්ට ජියු ජිත්සු රන් සහ රිදී පදක්කම්

133

ෆේස්බුක් සමාජ ජාල ප්‍රධාන විධායක නිලධාරි මෙන්ම ව්‍යාපාරික රජෙකු වන Mark Zuckerberg (මාක් සකර්බර්ග්) ඔහුගේ පළමු ජියු ජිත්සු තරගාවලියට සහභාගී වුනා. එහි දී ඔහු විසින් ජයග්‍රහණ ලබා ගැනීම විශේෂත්වයක්.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වුඩ්සයිඩ් උසස් පාසලේ දී මෙම තරගාවලිය පැවැත්වුනා. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ ජාල වල හිමිකාරීත්වය දරන Meta සමාගම පිහිටා ඇත්තේ ද ඒ ආසන්නයේයි.

මගේ පළවෙනි ජියු ජිත්සු තරගාවලියට සහභාගී වෙලා, ගරිල්ලා ජියු ජිත්සු කණ්ඩායමත් එක්ක රන්, රිදී පදක්කම් ටිකක් දිනා ගත්තා,” යැයි ඔහුගේ සමාජ ජාලා වල සටහන්ව තිබුණා. ඔහු පවසන්නේ කොරෝනා වසංගතය පැවති කාලයේ දී ඔහු සටන් ශිල්පය ඉගෙනීම ආරම්භ කළ බවයි.

බ්‍රසීලියානු ජියු ජිත්සු සටන් ශිල්පය හැඳින්වෙන්නේ බිම වැතිරී සටන් කළ හැකි ශක්‍යතාවයෙන් වැඩිම සටන් ශිල්පය ලෙසයි.

38 හැවිරිදි බිලියනපති සකර්බර්ග්ගේ පුහුණුකරු වන්නේ අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන Dave Camarillo (ඩේව් කැමරිලෝ) විසින්. සකර්බර්ග් කෙතරම් තරගකාරීව ක්‍රීඩා කළේ ද යත්, එක් මොහොතක ඔහු විනිසුරු තීරණ ගැන ද නුරුස්නාව පළකරමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<