සුභානු, මල්ක සහ ලිලාන් දක්ෂ පන්දු යැවීම්වල නිරත වෙයි

Tier B 50 Over Tournament 2026

1
Tier B 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (25) අවසන් වූවා.

එහි දී Kurunegala SC කණ්ඩායමේ කේශාන් වන්නිආරච්චි (51), Leo CC කණ්ඩායමේ අශාන් ප්‍රනාන්දු (67), නෙත්ම කරුණාරත්න (57) සහ නෙලුක හේෂාන් (51), Kurunegala SC කණ්ඩායමේ කේශාන් වන්නිආරච්චි (51), Army SC කණ්ඩායමේ පැතුම් ඩිල්ශාන් (53), සහ සුඛිත දෙව්තිළිණ (61) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Galle CC කණ්ඩායමේ සුභානු රාජපක්ෂ (5/30), Army SC කණ්ඩායමේ මල්ක මදුශංක (5/49) සහ ලිලාන් රංගන (4/41) දක්ෂතා දැක් වූවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Chilaw Marians CC සහ Galle CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – කඩුලු 8ක් දැවී 88 (26.1)මහීෂ සිතුම් 19, සුභානු රාජපක්ෂ 5/30

තරගයේ විසඳුමක් නෑ.

 

Navy SC සහ Ragama CC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – සියලුම දෙනා දැවී 123 (40.3)පුලස්ති අතපත්තු 46, අවිඳු තීක්ෂණ 26, සුමේධ ප්‍රසාද් 2/17, අමිත කෞශල්‍ය 2/19, කසුන් කරුණාතිලක 3/32, කාවින්ද ඊශ්වර 3/19
  • Ragama CC – සියලුම දෙනා දැවී 85 (32.0) හසිත් පෙරේරා 19, ඩිලංක අවර්ඩ්ට් 3/26, කොශාන් ජයවික්‍රම 2/23

Navy SC කණ්ඩායමට ලකුණු 38ක ජයක්.

Sebastianites C & AC සහ Kandy Customs SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Kandy Customs SC – කඩුලු 5ක් දැවී 174 (36.0) තෙවිඳු දික්වැල්ල 32, ලහිරු අත්තනායක 32, ඉරුත් ගිම්ශාන් 22, යශෝධ මෙන්ඩිස් 28, හසිඳු වික්‍රමාරච්චි නොදැවී 19, පුන්සර සඳරුවන් 2/32

තරගයේ විසඳුමක් නෑ.

Kurunegala SC සහ Leo CC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • Leo CC – කඩුලු 4ක් දැවී 232 (44.0)අශාන් ප්‍රනාන්දු 67, නෙත්ම කරුණාරත්න 57, නෙලුක හේෂාන් 51, රොමේෂ් සුරංග නොදැවී 20, තීක්ෂණ සංජීව 3/35
  • Kurunegala SC කඩුලු 7ක් දැවී 139 (31.5)කේශාන් වන්නිආරච්චි 51, ඩිල්ශාන් කොල්ලුරේ 25, ගිත්මින් කොළඹගේ 3/27

Leo CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 76ක ජයක්.

Negombo SC සහ Moratuwa SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Moratuwa SC – සියලුම දෙනා දැවී 187 (44.5) උශේන් සිල්වා 42, මයුර මල්ශාන් 26, දිනෙත් සිතුමිණ 21, සංජන සෙනෙවිරත්න 30, චනුර ප්‍රනාන්දු 3/31, හංසජ හිරුණ 2/35, සසික ඩිල්ශාන් 2/40
  • Negombo SC – කඩුලු 9ක් දැවී 163 (36.0)මොහොමඩ් මුර්ශාද් 42, දිනිත සිරිවර්ධන 31, රශ්මික මෙවන් 32, රිශ්ම අමරසිංහ 25, මදුසංක ප්‍රේමරත්න 3/33, සංජන සෙනෙවිරත්න 2/13

Moratuwa SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණක ජයක්.

United Southern CC සහ Army SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Army SC – කඩුලු 8ක්දැවී 387 (44.5) අශාන් සුදර්ශන 33, පැතුම් ඩිල්ශාන් 53, මනුශ්ක සමිත් 27, සුඛිත දෙව්තිළිණ 61, හර්ෂජිත් රුශාන් 65, ලිඳුල නුවංග 3/78, ශැරෝන් අභිශේක් 3/30
  • United Southern CC – සියලුම දෙනාදැවී 131(32.1) කවිඳු එදිරිවීර 26, අසන්ත බස්නායක 23, ලිඳුල නුවන්ග 25, දෙනුවන් රාජකරුණා 20, ලිලාන් රංගන 4/41, මල්ක මදුශංක 5/49

Army SC කණ්ඩායමට ලකුණු 156ක ජයක්.

Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<