ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පසුගිය දින 2 දී අවසන් වූ අතර එහි දී Baduraliiya CC කණ්ඩායමේ ශෙහාරි ඉඳුවරී කඩුලු 7ක් දවා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දක්වද්දී CCC කණ්ඩායමේ විශ්මි ගුණරත්න ශතකයක් ලබා ගත්තා.
18 වැනි වියේ පසුවෙන් ශෙහාරි ඉඳුවරී Ace Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දුවාර 6.5ක් යවමින් ලකුණු 10කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී විශ්මි ගුණරත්න Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 132ක් ලබා ගත්තා.
ඊට අමතර ව පිතිකාරිනියන් ලෙසින් Colts CC කණ්ඩායමේ විශ්මි සොයිසා (50), Navy SC කණ්ඩායමේ හසිනි පෙරේරා (57) සහ හර්ෂිතා සමරවික්‍රම (87) අර්ධ ශතක ඉනිම් ලබා ගත්තා.
- Major Club කාන්තා එක්දින තරග ආරම්භ වෙයි
- ඉමේෂා දුලානි මංගල T20 ශතකය රැස් කරයි
- කෝඩුකාර සංජනා පාකිස්තානය පාලනය කරයි
- Major Club එක්දින තරගාවලියට දින වෙන් කරයි
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
- Chilaw Marians CC සහ SSC අතර තරගය ගම්පහ DHH ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – සියලුම දෙනා දැවී 58 (34.5)අචිනි කුලසූරිය 3/10, මල්ෂ මදුශානි 2/09
- SSC– කඩුලු 2ක් දැවී 59 (9.2)මල්ශාන් මදුශානි නොදැවී 28
SSC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Colts CC සහ Army SC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
- Colts CC – කඩුලු 6ක් දැවී 141 (50.0) විශ්මි සොයිසා 50, ශයනි සේනාරත්න 25, පමෝදා ශයිනි 20, අශානි සමින්දි 2/20, සඳනි ද සිල්වා 2/19
- Army SC – කඩුලු 8ක් දැවී 117 (29.1)ඉමල්කා මෙන්ඩිස් 25, රිශ්මි සංජනා 2/23, විශ්මි සොයිසා 3/19, තරුශි රාජකුරුණා 2/13
Army SC කණ්ඩායමට ඩක්වරත් ලුවිස් න්‍යාය මත කඩුලු 2ක ජයක්.
පෙර (16) පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Baduraliiya CC සහ Ace Capital CC අතර තරගය, කිරිමණ්ඩල පාර SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Baduraliiya CC – කඩුලු 5ක් දැවී 212 (41.0)සංජනා කාවින්දි 50, කවීෂා දිල්හාරි නොදැවී 102, යෙසලි ජිතාරා 2/45
- Ace Capital CC– සියලුම දෙනා දැවී 33 (13.5)කාව්‍යා කාවින්දි 2/14, ශෙහාරි ඉඳුවරී 7/10
Baduraliiya CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 202ක ජයක්.
CCC සහ Navy SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
- CCC – කඩුලු 7ක් දැවී 221 (48.0)විශ්මි ගුණරත්න 132, සුභද්‍රා සවනි 29, ඉනෝකා රණවීර 3/34, හෂිනි ලියනගේ 2/46
- Navy SC– කඩුලු 7ක් දැවී 212 (41.0)හසිනි පෙරේරා 57, හර්ෂිතා සමරවික්‍රම 87, මදුරි සමුද්දිකා 2/44,
- CCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයක්.
Major Club කාන්තා එක්දින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















