ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී පෙසඳු සංජන සහ ආදිත්‍ය සිරිවර්ධන ශතක වාර්තා කිරීමට සමත් වූවා.
එහි දී United Southern CC කණ්ඩායමේ පෙසඳු සංජන Galle CC කණ්ඩායමට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 115ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභියා වූවා.
ඊට අමතර ව Navy SC කණ්ඩායමේ ආරම්භක පිතිකරු ආදිත්‍ය සිරිවර්ධන Leo CC කණ්ඩායමට එරෙහි ව පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Army SC කණ්ඩායමේ ක්‍රිශේන් අපෝන්සු (56) සහ තිසර පෙරේරා (55), Sebastianite C & AC කණ්ඩායමේ සංජුල බණ්ඩාර (72), Moratuwa SC කණ්ඩායමේ මයුර මල්ශාන් (52) සහ දිනෙත් සිතුමිණ (නොදැවී 66), United Southern CC කණ්ඩායමේ කවිඳු එදිරිවීර (71), Galle CC කණ්ඩායමේ යුතික ද සිල්වා (96) සහ අමිත් එරන්ද (57), Leo CC කණ්ඩායමේ විශ්ව රාජපක්ෂ (87) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී Navy SC කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට් (5/50) දවසේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණා.
මේ අතර කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Ragama CC සහ Negombo CC කණ්ඩායම් අතර තරගය පන්දුවක් නොයවා අතහැර දැමුණා.
- තරුශ්ක අවසන් මහා තරගයට ශතකයක් එක් කරයි
- ශ්‍රී ලංකාව 2-1කින් පාකිස්තානය පරාජය කරයි
- එරාන් වික්‍රමරත්න ප්රමුඛ ශ්‍රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව නම් කරයි!
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- පියයුරු පිළිකාවට එරෙහි ජාතික හඬක් බවට පත් වන ක්රිකට් තරගය LPL Pink Match
අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
- Army SC සහ Sebastianite C & AC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Army SC – කඩුලු 9ක් දැවී 255 (50.0)අශාන් සුදර්ශන 37, මනුශ්ක සමිත් 23, ක්‍රිශේන් අපෝන්සු 56, තිසර පෙරේරා 55, ෂෙහඳ සොයිසා 28, බාශිත ලක්ශාන් 22, බිශේන් හෙට්ටිආරච්චි 2/51, සුතර්සන් සුබර්නන් 2/33, සංජුල බණ්ඩාර 2/47
- Sebastianite C & AC – කඩුලු 6ක් දැවී 236 (50.0)රුසිරු විලෝචන 33, එරංග ජයකොඩිගේ 26, සංජුල බණ්ඩාර 72, දිනෙත් සඳරුවන් නොදැවී 42, මාලිංග සුරප්පුලිගේ නොදැවී 21, ලිලාන් රංගන 2/56
- Army SC කණ්ඩායමට ලකුණු 19ක ජයක්.
- Moratuwa SC සහ Kurunegala SC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Moratuwa SC– සියලුම දෙනා දැවී 195 (50.0)උශේන් සිල්වා 29, මයුර මල්ශාන් 52, දිනෙත් සිතුමිණ නොදැවී 66, සරින්ද දිසානායක 2/34, සනුජ නිඳුවර 2/42, රුචිර සිල්වා 4/24
- Kurunegala– කඩුලු 8ක් දැවී 198 (44.1) කවීන් බණ්ඩාර 26, දුලාජ් රණතුංග 24, රජිත රත්නායක 42, නිසංජය හෙට්ටිආරච්චි 21, සනුජ නිඳුවර නොදැවී 29, මදුශංක ප්‍රේමරත්න 4/56
- Kurunegala SC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
- Galle CC සහ United Southern CC අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- United Southern CC – කඩුලු 6ක් දැවී 251 (50.0)පෙසඳු සංජන 115, කවිඳු එදිරිවීර 71, ලිදුල නුවංග නොදැවී 28, කවිඳු නිර්මාණ 3/49
- Galle CC – කඩුලු 6ක් දැවී 255 (45.2) යුතික ද සිල්වා 96, තෙවිඳු රශ්මික 42, අමිත් එරන්ද 57, කවිඳු නිර්මාණ නොදැවී 20, ශැරෝන් අභිශේක් 2/34
- Galle CC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
- Navy SC සහ Leo CC අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
- Leo CC – සියලුම දෙනා දැවී 235 (49.3)අශාන් ප්‍රනාන්දු 31, සලිඳු පතිරණ 30, විශ්ව රාජපක්ෂ 87, සුදර්ශන දක්ශිණ 42, තිමිර මල්ශාන් 2/26, ඩිලංක අවර්ඩ්ට් 5/50
- Navy SC– කඩුලු 5ක් දැවී 241(49.0) ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 103, නිපුන ගමගේ 21, තිමිර මල්ශාන් 37, කොශාන් ජයවික්‍රම 35, පූර්ණ චාරුක නොදැවී 18
- Navy SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- Kandy Customs SC සහ Chilaw Marians CC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Kandy Customs SC – සියලුම දෙනා දැවී 159 (43.1) කෝසල රවිඳු 48, යශෝධ මෙන්ඩිස් 28, චරිත් රාජපක්ෂ 23, කලණ පැතුම් 4/33, කෙවින් සැමුවෙල් 3/30
- Chilaw Marians CC – කඩුලු 4ක් දැවී 119 (32.2)මහීෂ සිතුම් 31, කසුන් විදුර 27, ගිම්හාන් රසාංජන නොදැවී 28, යශෝධ මෙන්ඩිස් 2/17, කෝසල රවිඳු 2/29
- Chilaw Marians CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයක්.
Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















