මාතර උයන්වත්ත වර්ණවත් කළ ජයවීර සුපිරි ශතකයට

316

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම අද (20) පළමු දිනය සඳහා ක්‍රියාත්මක විය. මේ ඒ තරග පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

රාජකීයයන් හා සෙබස්තියන් විද්‍යාල අවසන් මහා තරගයට

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (19) කොළඹ දී ක්‍රියාත්මක වුන අතර එම තරගවලින් ජයග්‍රහණය ලබා ගත් මොරටුව…

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය

වත්තල දී අද (20) අවසන් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට ආරාධනා කළ අතර සහිරා පන්දු යවන්නන් හමුවේ සාන්ත අන්තෝනි පිතිකරුවන් සිය පළමු ඉනිම ලකුණු 138කට සීමා කරගත්තේය.

සහිරා පළමු ඉනිම ලකුණු 89කට සීමා වීම නිසා සාන්ත අන්තෝනි විද්‍යාලය සිය දෙවන ඉනිම දියත් කළ අතර එහි දී කවීෂ දුලංජන අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. දිනය අවසන් වන විට සහිරා විද්‍යාලය ඉතාමත් ස්ථාවරව සිය පිතිකරණය දියත් කිරීම නිසා මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. මොහොමඩ් ශමාස් ලකුණු 55යි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 138 (44.3): ජොයෙල් පින්ටෝ 46, නිසල් සිල්වා 29, ඉමිතියාස් සල්සා 7/25.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 89 (20.5): රිද්මික නිමේෂ් 32, දිල්සර සමින්ද  23, අශේන් මලිත් 3/14, විශාල් සිල්වා 2/13.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 149 (63): කවීෂ දුලංජන 51, අශේන් මලිත් 30*, මොහොමඩ් ඩිල්ෂාන් 3/31, මොහොමඩ් රිෆාත් 3/43, ඉමිතියාස් සල්සා 3/51

සහිරා විද්‍යාල දෙවන ඉනිම – 100/4 (21): මොහොමඩ් ශමාස් 55, සංචිත හිරුශාන් 2/10, කවිශ දුලංජන 2/20.


මාතර සාන්ත තෝමස් විද්‍යාලය රත්ගම දේවපතිරාජ විද්‍යාලය

මාතර උයන්වත්ත පිටියේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දී කඩුලු 7ක් දැවී ලකුණු 278ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. එහි දී සුපිරි පිතිකරණයක නිරත වූ දකුණතින් පිත්ත හසුරුවන ගිශාන්තික ජයවීර නොදැවී ලකුණු 111*ක් ලබා ගත්තේ ය. ඔහුට සහය වූ මිහිසල් අමෝද ලකුණු 77යි.

තරගය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවපතිරාජ විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබාගෙන සිටියේ  සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 250ක් පසුපසින් සිටිමිනි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 278/7d (89): ගිශාන්තික ජයවීර 111*, මිහිසල් අමෝද 77, ඉරුෂික තිමිර 3/106.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ)  – 28/2 (13):

ඉන්දියාවට පහසු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කලාපයේ ප්‍රබලයන් දෙදෙනා අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී (19) නිමා වූ තරගයෙන් කඩුලු 8ක ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය…

ලුම්බිණි විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ පළමු දිනය නිමා වෙන විට වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබාගෙන සිටියේ ලුම්බිණි විද්‍යාලය ලබාගත් ලකුණු 208ට පිළිතුරු ලෙසයි.

බී. ආර්. සී පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ ප්‍රභාත් මදුසංක ලකුණු 76යි.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 208 (71.4): ප්‍රභාත් මදුසංක 76, කවිඳු ප්‍රනාන්දු 38, කාවින්ද ඩිල්ශාන් 5/63, කෞමාල් නානායක්කාර 3/69, සුවත් මෙන්ඩිස් 2/32.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 16/1 (7.1)


ගාල්ල මහින්ද විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස

ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දී ලකුණු 139ක් ලබාගත්තේ ලහිරු භාෂණ හා අශේන් කණ්ඩම්බි ලබාගත් ලකුණු 29 සවියක් කරගෙනයි.

පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන ක්‍රීඩක තෙවින් ඊරියගම ලකුණු 9කට කඩුලු 5ක් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 135ක් ලබාගෙන සිටියේ තරගයේ වැඩි වාසිය දිනා ගනිමිනි. සිතාර හපුහින්න අර්ධ ශතකයක් ලබාගෙන සාන්ත තෝමස් ඉනිම සවිමත් කළේය.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 139 (54.1): ලහිරු භාෂණ 29, අශේන් කණ්ඩම්බි 29, තෙවින් ඊරියගම 5/09, ඩෙලෝන් පිරිස් 2/45.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 135/6 (35.3): සිතර හපුහින්න 58, ක්‍රිෂාන් මුණසිංහ 41, ඔවිඳු කාවින්ද්‍ය 2/17.

Fair & Lovely Men වෙළඳසේවා ක්‍රිකට් B සවිබල ගන්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගම් B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියේ 2018 අදියර එළඹෙන සැප්තැම්බර් 26 කොළඹ වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී ආරම්භ වේ. 6 වැනි වරටත් පැවැත්වෙන…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

ඇතුගල්පුරයේ පැවති මේ තරගය කුරුණෑගල මලියදේව විදුහල් පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනා ගත් ධර්මපාල විද්‍යාලය ලබාගත් ලකුණු 300 වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූ විහඟ ගුණරත්න ලකුණු 62යි. මදුරංග නවීන් කඩුලු 5ක් දවා ගනිමින් මලියදේව විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්විය. මලියදේව විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 19ක් ලබාගෙන සිටින ලදි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 300 (83.1): විහඟ ගුණරත්න 62, සංචන ලංකා 38, සවිඳු සඳරුවන් 38, දුලාජ් එගොඩගේ 32, මදුරංග නවීන් 5/99, නිසංජය හෙට්ටිආරච්චි 2/52.

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 19/0 (9):


මොරටු මහා විද්‍යාලය හා කළුතර සිරි කුරුස විද්‍යාලය

මොරටු විදුහල් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිරි කුරුස විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. මොරටු මහා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 197ක් ලබා ගත්තේ හශේන් ආධිත්‍ය ලබාගත් වේගවත් ලකුණු 84 සහයක් කරගෙනයි. මාර්ක් දීපන ලකුණු 61කට කඩුලු 4යි. තරගයේ පළමු දිනය අවසන් වන විට කළුතර සිරි කුරුස විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 14ක් ලබාගෙන සිටියේය.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 197 (61.2): හශේන් ආධිත්‍ය 84, නදිත් නිශේන්ද්‍ර 38, මාර්ක් දීපන 4/61, නිලක්ෂ කසුන් 3/35.

කළුතර සිරි කුරුස විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 14/1 (11):

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කෙවින් පෙරේරාගේ අර්ධ ශතකයෙන් වර්ණවත් වූ මේ තරගය කොළඹ තර්ස්ටන් පිටියේ පැවැත්විය. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ  තර්ස්ටන් ක්‍රීඩකයෝ මාරිස් ස්ටෙල්ලා ඉනිම 215/5ක් ලෙස සටහන් කර තිබිය දී මේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ පළමු දිනය නවතා දැමීමට තරග විනිසුරුවරුන් කටයුතු කළේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 215/5 (43): කෙවින් පෙරේරා 77*, සහන පෙරේරා 48, රවිඳු ප්‍රනාන්දු 36, ආමන්ත පෙරේරා 29, අයේෂ් හර්ෂණ 2/37


වෙස්ලි විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. සත්කාරක කිංග්ස්වුඩ් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 112ට පිළිතුරු ලෙස පළමු දිනය අවසානයේ වෙස්ලි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලබා සිටියේ ලකුණු 25ක් පමණි.

පළමු දිනයේ වැඩිම ලකුණු ලබාගත් කිංග්ස්වුඩ් විද්‍යාල ක්‍රීඩක දේවින්ද දිසානායක ලකුණු 34ක් ලබා ගන්නා ලදි. වෙස්ලි විද්‍යාලයේ තේනුක පෙරේරා කඩුලු 5යි.

කිංග්ස්වුඩ් විද්‍යාල පළමු ඉනිම -112 (44.2): දේවින්ද දිසානායක 34, දුමිඳු ධනුෂ්ක 20, තේනුක පෙරේරා 5/13, දෙනුවන් මෙන්ඩිස් 3/13.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 25/5 (11): උත්පල ජයලත් 3/15, හර්ෂණ වික්‍රමසිංහ 2/04.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (21) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<