තාරුකා ෂෙහානි දිනයේ කැපී පෙණෙන ක්‍රීඩිකාව බවට පත් වෙයි

SLC Major Club Women’s 50 Over Tournament 2026

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (8) ආරම්භ වූ අතර එහි දී දිනයේ කැපී පෙණෙන ක්‍රීඩිකාව බවට පත් වීමට Air Force SC කණ්ඩායමේ තාරුකා ෂෙහානි සමත් වූවා.  

වමතින් දඟ පන්දු යැවූ ඇය ACE Capital CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 11කට කඩුලු 6ක් දවා ගත්තා.  

මේ අතර නිමා වූ තරගවල දී Army SC, Air Force SC සහ SSC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරිමට සමත් වූවා.  

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු 

CCC සහ Army SC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.  

  • Army SC– සියලුම දෙනා දැවී 177 (46.0) ඉමල්කා මෙන්ඩිස් 41, නෙත්මි සේනාරත්න 46, නිලංගිකා ද සිල්වා 2/38, මධුරි සමුද්දිකා 2/29, ලිමංසා තිලකරත්න 2/28 
  • CCC– සියලුම දෙනා දැවී 162 (46.3) විශ්මි ගුණරත්න 20, යශෝධා මෙන්ඩිස් 27, මධුරි සමුද්දිකා 29, සුභද්‍රා සවනි නොදැවී 45, රන්දි ප්‍රේමරත්න 3/40, සඳනි ද සිල්වා 3/33 

Army SC කණ්ඩායමට ලකුණු 15ක ජයක්.  

ACE Capital CC සහ Air Force SC අතර තරගය කටුනායකගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.  

  • ACE Capital CC– සියලුම දෙනා දැවී 54 (26.5) ග්ලැමන්ඩ්‍රියා අතලේ 19, මල්කා මදාරා 2/14, තාරුකා ෂෙහානි 6/11 
  • Air Force SC– කිසිවෙක් නොදැවී 56 (7.5) කේ. කේ. සුරන්ති නොදැවී 22, අයේශා කීර්තිරත්න නොදැවී 26 

Air Force SC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.  

SSC සහ Baduraliya CC අතර තරගය කොළඹආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.  

  • BaduraliyaCC – සියලුම දෙනා දැවී 99 (38.0) සංජනා කාවින්දි 46, ඉනෝෂි ප්‍රනාන්දු 3/23, සනුකි පතිරගේ 3/14 
  • SSC– කඩුලු 8ක් දැවී 100 (41.2) සෙත්මි නෙහාරා 26, ශයනි තෙන්නකෝන් 23, සචිනි නිසංසලා 2/24, හිරුනිකා නිවර්ථනී 2/25, සුලේශා සත්සරණි 2/15, කවීෂා දිල්හාරි 2/14 

SSC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.  

Major Club කාන්තා එක්දින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<