තිසරගේ විශිෂ්ට පිතිහරඹයෙන් එස්.එස්.සීයට සිව්වන ජයත්

738
තිසරගේ විශිෂ්ට පිතිහරඹයෙන් එස්.එස්.සීයට සිව්වන ජයත්

අන්තර් සමාජ පළමු පෙළ 20/20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ එස්.එස්.සි පිළ හා රාගම ක්‍රීඩා සමාජය අතර  ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් රාගම පිළට එරෙහිව කඩුළු 2කින් ජයගන්නට එස්.එස්.සි පිළ සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 185ක් රැස් කළේය. එහිදි රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් තිලක්ෂ සුමනසිරි ලකුණු 66ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 62ක් රැස් කළ අතර පන්දු යැවිමේදි තිසර පෙරේරා ලකුණු 28කට කඩුළු 3ක් දවාලන්නට සමත්විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එස්.එස්.සි ක්‍රීඩකයින් පන්දුවාර 19.2ක් අවසානයේ ලකුණු 186රැස් කරමින් තරගය ජයගන්නට සමත් විය. එස්.එස්.සි වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වු තිසර පෙරේරා පන්දු 18කදි වේගවත් ලකුණු 47ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගිනි. කවිදු කුලසේකර ලකුණු 47ක් සහ දසුන් ශානක ලකුණු 40ක් ලබා එස්.එස්.සිය ජයග්‍රහණය සදහා කැදවාගෙන ගියේය. පන්දු යැවිමේදි උදාර ජයසුන්දර ලකුණු 26කට කඩුළු 3ක් දවාගන්නට සමත් විය.

මේ අතර අන්තර් සමාජ 20/20 තරගාවලියේ තවත් ජයක් ලැබිමට මුවර්ස් පිළ සමත් විය.ඒ  ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිවය.  කොල්ට්ස් පිටියේ පැවති මෙම  තරගයේ කාසියේ වාසිය දිනු මුවර්ස් පිළ පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවි ලකුණු 177ක් රැස් කළේය. මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මහේල උඩවත්ත අගනා ලකුණු 94ක් රැස් කලේ පන්දු 67ක් වැය කරමිනි. ඔහුගේ ඉණිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත්‍ විය. දිල්හාර ලොකුහෙට්ටිගේ ලකුණු 30රැස් කිරිමට සමත්විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩා සමාජය පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවුයේ ලකුණු 161ක් පමණි. ගාලු  ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු සුරාජ් රන්දිව් ලකුණු 47ක් රැස් කළ අතර තිලකරත්න සම්පත් ලකුණු 36ක් රැස් කලේය. මේ අනුව ලකුණු 16 තියුණු ජයක් මුවර්ස් පිළට හිමිවිය.

වරාය ක්‍රීඩා සමාජය හා ද්‍රවිඩ සංගම් පිළ කොළඹ එන්.සි.සි ක්‍රීඩා පිටියේදි තරග වැදුණු අතර එහිදි කඩුළු 7ක් ජයක් ද්‍රවිඩ සංගම් පිළට හිමිවිය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වරාය පිළ පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 176ක් රැස් කලේය. වරාය ක්‍රීඩා සමාජය වෙනුවෙන් යොහාන් චානක ලකුණු 41ක් රැස් කලේය. දෙවැනි ඉණිම ක්‍රීඩා කළ ද්‍රවිඩ පිළ පන්දුවාර 18.4 දි කඩුළු 03ක් පමණක් දැවි ලකුණු 182ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.එහිදි ධනංජය සිල්වා නොදැවි ලකුණු 77ක් රැස් කළ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 65ක් රැස් කිරිමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් කණ්ඩායම් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  තරග වැදුණු අතර එහිදි ලකුණු 39 පහසු ජයක් හලාවත පිළට හිමිවිය. මුලින්ම පන්දුවට පහර දුන් මේරියන්ස් පිළ සියළු දෙනා දැවි ලකුණු 134ක් රැස් කිරිමට සමත් විය. මේරියන්ස් වෙනුවෙන් අශේන් සිල්වා ලකුණු 58ක් රැස් කළ අතර පන්දු යැවිමේදි සික්කුගේ ප්‍රසන්න ලකුණු 32කට කඩුළු 3ක් දවාලන්නට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ යුධ හමුදා ක්‍රීඩකයින්ට පන්දුවාර 18ක් අවසානයේ  සියළු දෙනා දැවි ලබාගන්නට හැකිවුයේ ලකුණු 95ක් පමණි. යුධ හමුදාවේ වැඩිම ලකුණු ලාභියා වු අසේල ගුණරත්න ලකුණු 22ක් රැස් කළ අතර පන්දු යැවිමේදි දිනුක ලකුණු 20කට කඩුළු 3ක් දවාගන්නට සමත් විය.

කොළඹ එන්.සි.සි පිටියේ පැවති තවත් තරගයකින් ජයගන්නට සි.සි.සි ක්‍රීඩා සමාජය සමත් විය. ඒ බදුල්ල ක්‍රීඩා සමාජයට එරෙහිවය. කාසියේ වාසිය තමන් සතුකරගත් බදුරලිය ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහර දිමට තිරණය කළ අතර පන්දුවාර 19.3 අවසානයේ සියළු දෙනා දැවි ලබාගන්න හැකිවුයේ ලකුණු 153ක් පමණි. එහිදි බදුල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් සචින් හේවාවසම් ලකුණු 58ක් රැස් කළ අතර පන්දු යැවිමේදි තිලක් තුෂාර ලකුණු 21කට කඩුළු 03ක් දවාගන්නට සමත් විය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ සි.සි.සි පිළ පන්දුවාර 13.3ක් වැය කරමින් කඩුළු 4ක් පමණක් දැවි ලකුණු 154ක් රැස් කරමින් සිය ජයග්‍රහණය තහවුරු කලේය.