ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (29) පැවැතියා.
එහි දී Kandy Royals කණ්ඩායම නියෝජනය කළ ලහිරු උදාර ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Galle Gallants කණ්ඩායමට එරෙහිවයි.
මේ අතර පැවැති තරගවල දී Kandy Royals කණ්ඩායම සහ Colombo Kaps කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.
>>කමිඳු මෙවර තරගාවලියේ හොඳම ඉනිම ක්‍රීඩා කරයි<<
16 වැනි තරගය, Galle Gallants සහ Kandy Royals රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle Gallants
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gallants කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 208ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kandy Royals කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 214ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
Galle Gallants
දසුන් ශානක (නායක), Sam Harper, Nurul Hasan, චරිත් අසලංක, චාමික කරුණාරත්න, Mohammad Nawaz, තරිඳු රත්නායක. දිනුරු කළුපහන, Akif Javed, සචිඳු කොළඹගේ, ඒශාන් මාලිංග,
Kandy Royals
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ලහිරු උදාර (කඩුලු රකින්නා), පවන් සංදේශ්, වනිඳු හසරංග, Moeen Ali, Dale Phillips, Vijay Shankar, දුශාන් හේමන්ත, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, Shaheen Shah Afridi, Zahir Khan.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle Gallants කණ්ඩායම සාරථක ආරම්භයක් ලබා ගත්තා. එහි දී ඉනිම ආරම්භ කළ Sam Harper සහ Nurul Hasan එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 81ක් ද, Nurul Hasan සහ චරිත් අසලංක එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 43ක සබඳතාවක් ද සහ චරිත් අසලංක සහ දසුන් ශානක එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 58ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී Sam Harper පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 72ක් ද, Nurul Hasan පන්දු 32ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ චරිත් අසලංක පන්දු 32ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Zahir Khan ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව නුවන් තුෂාර කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kandy Royals ඉනිම ආරම්භ කළ ලහිරු උදාර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 132ක් ලබා ගත්තා.
එම ඉනිමේ දී ඔහු පවන් සංදේශ් හා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 47ක දී ලකුණු 103ක් ලබා ගත්තා. එහ දී පවන් සංදේශ් පන්දු 17කට මුහුණ දෙමින් හතරෙ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සචිඳු කොළඹගේ ලකුණු 18කට කඩුලු 3ක් ලබා ගත් අතර ඊට අමතර ව ඒශාන් මාලිංග කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Galle Gallants – කඩුලු 3ක් දැවී 208 (20.0) Sam Harper 72, Nurul Hasan 33, චරිත් අසලංක නොදැවී 70, Zahir Khan 2/25
Kandy Royals– කඩුලු 4ක් දැවී 214 (18.5) ලහිරු උදාර නොදැවී 132, පවන් සංදේශ් 23, සචිඳු කොළඹගේ 3/18
Kandy Royalsකණ්ඩායමට ලකුණු 19ක ජයක්.
තරගයේ වීරයා – ලහිරු උදාර (Kandy Royals)
- ජනිත්, සහන් සහ වෙල්ලාලගේ අර්ධ ශතක ලබා ගනී
- ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන
- Kandy Royals ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය වාර්තා කරයි
- 23න් පහළ පිටියට ලහිරු දවටගේ ගෙන් ත්‍රිත්ව ශතකයක්
- මානස සහ හිරුණ ද්විත්ව ශතක සමාජයට
17 වැනි තරගය, Colombo Kaps සහ Dambulla Sixers රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Dambulla Sixers
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායම තවත් පන්දු 6ක ඉතිරි කර ගනිමින් කඩුලු 6ක් දැවී සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
Dambulla Sixers
දිනේෂ් චන්දිමාල් (නායක), Sahibzada Farhan, Reeza Hendricks, පවන් රත්නායක, Sikandar Raza, Gulbadin Naib, රමේෂ් මෙන්ඩිස්, සොනාල් දිනූෂ, අකිල දනංජය, ගයන වීරසිංහ, දුශ්මන්ත චමර, Shadley van Schalkwyk.
Colombo Kaps
කමිඳු මෙන්ඩිස් (නායක) Rubin Hermann, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), ජනිත් ලියනගේ, James Neesham, අශේන් බණ්ඩාර, වනුජ සහන්, මල්ෂ තරුපති, Mujeeb Ur Rahman, මිලාන් රත්නායක, Shahnawaz Dahani, Ben McDermott.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Reeza Hendricks. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ඉනිම අවසන් වෙද්දී Gulbadin Naib පන්දු 13ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද සහ Sikandar Raza පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Shahnawaz Dahani ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Mujeeb Ur Rahman, මල්ෂ තරුපති සහ මිලාන් රත්නායක කඩුල්ලක් බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු Rubin Hermann. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක කමිඳු මෙන්ඩිස් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ද, Ben McDermott පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ සදීර සමරවික්‍රම පන්දු 16ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුෂ්මන්ත චමීර සහ අකිල දනංජය කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව සොනාල් දිනූෂ සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Dambulla Sixers – කඩුලු 5ක් දැවී 174 (20.0) Reeza Hendricks 80, Sikandar Raza 23, Gulbadin Naib නොදැවී 33, Shahnawaz Dahani 2/41
Colombo Kaps – කඩුලු 6ක් දැවී 177 (19.0) Rubin Hermann 48, සදීර සමරවික්‍රම 26, Ben McDermott 33, කමිඳු මෙන්ඩිස් 39, දුෂ්මන්ත චමීර 2/32, අකිල දනංජය 2/32
Colombo Kaps කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
තරගයේ වීරයා – Rubin Hermann (Colombo Kaps)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (30) Kandy Royals සහ Jaffna Kings අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<






















