23න් පහළ පිටියට ලහිරු දවටගේ ගෙන් ත්‍රිත්ව ශතකයක්

Inter Club U23 Tournament 2026

1
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ මංගල ත්‍රිත්ව ශතකය වාර්තා කිරිමට Nugegoda S & WC කණ්ඩායමේ ලහිරු දවටගේ සමත් වුණා.

ඔහු Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 321කට මුහුණ දෙමින් හතරේ පහර 36ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 314ක් ලබා ගත් අතර ඔහු සඳුන් මෙන්ඩිස් හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 298ක දී ලකුණු 267ක සබඳතාවක් ද ගොඩ නැගුවා. එහි දී සඳුන් මෙන්ඩිස් පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ නොදැවී ලකුණු 124ක් ලබා ගත්තා.

මේ අතර දිනයේ තවත් ශතක 5ක් තරගාවලියට එක් වීම කැපි පෙණුනා. එහි දී Ace Capital CC කණ්ඩායමේ තිසර ඒකනායක BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 173කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 143ක් ද,  Ragama CC කණ්ඩායමේ දෙනුර දිමන්සිත් Moors SC කණ්ඩායමට එරෙහි ව පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 137ක් ද,  SSC කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියෙල් Panadura SC කණ්ඩායමට එරෙහි ව පන්දු144කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 121ක් ද NCC කණ්ඩායමේ දිනෙත් ගුණවර්ධන United Southern SC කණ්ඩායමට එරෙහි ව පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 107ක් ද සහ Leo CC කණ්ඩායමේ සලිඳු පතිරණ CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ Leo CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 56කට කඩුලු 7ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතුරින් කැපී පෙණෙන මෙහෙවරක යෙදුණා.

මේ අතර Panadura SC කණ්ඩායමේ ලිවිරු ප්‍රනාන්දු (85), United Southern SC කණ්ඩායමේ පෙසඳු සංජන (66), NCC කණ්ඩායමේ යෙනුල දෙව්තුස (64), Police SC කණ්ඩායමේ තරුන් පෙරේරා (60), Negombo CC කණ්ඩායමේ තත්සර ඒශාන් (95) සහ කවින් දෙනෙත් (නොදැවී 52), Kandy Customs SC කණ්ඩායමේ හේලිත් එදිරිසිංහ (87) සහ කවීෂ ඉඳුවර (52), Ragama CC කණ්ඩායමේ ලහිරු අබේසිංහ (62) සහ Moors SC කණ්ඩායමේ සඳරු මල්ශාන් (නොදැවී 71) ලෙසින් අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ මල්ෂ ප්‍රනාන්දු (5/74), Panadura SC කණ්ඩායමේ මලින්ත සිල්වා (5/86), Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික (6/67), Negombo CC කණ්ඩායමේ අමිත පෙරේරා (6/58) සහ Moors SC කණ්ඩායමේ සඳරු මල්ශාන් (5/89) පන්දු යැවීමේ දී දක්ෂතා දක්වනවා.

Tamil Union C & AC සහ Bloomfield C & AC අතර පැවැති තරගයෙන් Bloomfield C & AC කණ්ඩායම කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Tamil Union C & AC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (62.1) සචිරු හංසල 25, සචිර වැලිවත්ත 43, කවීෂ පියුමාල් 2/39, තරිඳු ගුරුගේ 5/38, අසිත වන්නිනායක 2/18

 

Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (62.2) හසිත අමරසිංහ 36, මිනෙත් ප්‍රේමරත්න 39, හංසමාන ද සිල්වා 22, පැතුම් රත්නායක 24, ශානික්‍ය දේශප්‍රිය 27, තරින්ද ගුරුගේ 26, විහස් තෙව්මික 6/67

 

Tamil Union C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 104 (34.3) විහස් තෙව්මික 27, හිමරු දේශාන් 20, දුලාජ් සමුදිත 2/12, හංසමාන ද සිල්වා 2/15, කවීෂ පියුමාල් 2/31, තරින්ද ගුරුගේ 2/27

 

Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 54 (11.5) තරින්ද ගුරුගේ 25, විහස් තෙව්මික 2/19, හිමරු දේශාන් 3/25

Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

NCC සහ United Southern SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (27.4) ගවිරු සෙන්හස් 30, ශවීන් පෙරේරා 53, සුමේධ සම්පත් 4/29, දමේස් මතිසාන් 3/18

 

United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (47.3) සෙහස් ආශිංස 29, රනුදුල් මාබරණ නොදැවී 40, කවීෂ කල්පන 25, ශක්ති උදාර 2/55, සන්තුල් විජේරත්න 3/22, නදිෂ් යසිරු 2/08

 

NCC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 244 (46.0) යෙනුල දෙව්තුස 64, දිනෙත් ගුණවර්ධන 107, නදීශ යසිරු 26, දමේස් මතිසාන් 4/82, පෙසඳු සංජන 3/28

 

United Southern SC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 214 (51.0) තත්සර දෙව්මිත් 22, ලිදුල නුවංග 29, පෙසඳු සංජන 66, සෙහස් ආශිංස නොදැවී 29, රනුක මලවිආරච්චි 3/40, ශක්ති උදාර 3/83, නදීශ යසිරු 2/31

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය United Southern SC කණ්ඩායමට)

CCC සහ Leo CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 348 (96.1) සනුල් වීරරත්න 70, අංජල බණ්ඩාර 157, අගිත කුඩලිගම 29, දුවිඳු රණතුංග 28, විශ්ව රාජපක්ෂ 2/62, ඔෂද ගිම්හාන් 2/79, නෙත්ම කරුණාරත්න 5/72

 

Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (60.4) අවින්ත ද අල්විස් 46, නෙලුක හේෂාන් 28, සලිඳු පතිරණ 100, විශ්ව රාජපක්ෂ 29, ඉනුක කරන්නාගොඩ 75/6

 

CCC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 15 (2.5)

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය CCC කණ්ඩායමට)

BRC සහ Ace Capital CC අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

BRC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 387 (86.0) ඉසුරු ප්‍රනාන්දු 201, ලිනාල් සුබසිංහ 23, ලිත්ම පෙරේරා නොදැවී 109, කෞෂික කුමාරසිංහ 4/75

 

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 391 (85.4) තනුජ රාජපක්ෂ 46, ඩිලන දම්සර 38, කවිඳු අමමෙත් 29, පවන් පතිරාජ 35, තිසර ඒකනායක 143, තීරක රණතුංග 35, අසීම් මොහොමඩ් 42, තරුෂ අශේල් 4/108, ශාරද ජයරත්න 2/98, ලිනාල් සුබසිංහ 2/96

තරගයේ විසඳුමක් නැ. (පළමු ඉනිමේ ජය Ace Capital CC කණ්ඩායමට.)

Nugegoda S & WC සහ Navy SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 661 (131.0) ලහිරු දවටගේ 314, දසිස් මංචනායක 81, ජනෙත් කෞශාල් 36, අකේන් පෙරේරා 37, සඳුන් මෙන්ඩිස් නොදැවී 124, ජනිත් ප්‍රනාන්දු 2/84, රුවින් සංකල්ප 2/151

 

Navy SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 149 (51.0) කවීෂ සඳරුවන් 38, රුවින් සංකල්ප නොදැවී 25, චාමික රණසිංහ 28, අබ්දුල් ශිරාඩ් 2/20, බ්‍රයන් හංසජ 2/47

තරගයේ විසඳුමක් නෑ.

Negombo CC සහ Police SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (50.1) ධනුජ ඉඳුවර 97, තරුන් පෙරේරා 39, අමිත පෙරේරා 4/66, ශෙහාන් ප්‍රමෝද් 5/64

 

Negombo CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 283 (86.0) විශාල් රුක්ෂාන් 27, තත්සර ඒශාන් 95, මොහොමඩ් මුර්ශාඩ් 30, හංසජ හිරුන 27, කවින් දෙනෙත් නොදැවී 52, දිමත් අබේසිංහ 3/108, දමිත් කප්පාගොඩ 4/86

 

Police SC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 124 (42.0) තරුන් පෙරේරා 60, සෙනේශ් හෙට්ටිආරච්චි 21, දිමත් අබේසිංහ නොදැවී 24, අමිත පෙරේරා 6/58, ෂෙහාන් ප්‍රමෝද් 3/58

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Negombo CC කණ්ඩායමට.)

Kurunegala SC සහ Kandy Customs SC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

Kurunegala SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (83.1) දිනුග අබේසේකර 21, ජයමින් මුතුකුමාරණ 31, ජනිත් රවිශ්ක 128, යශ්මිත් ජයසුන්දර 67, අදීශ පබසර 5/100, නඳුන් සිල්වා 3/54

 

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 339 (81.4) හේලිත් එදිරිසිංහ 87, දුමීන් ලියනාරච්චි 43, පුල්ජිත් වත්සුක 33, කවීෂ ඉඳුවර 52, ඉරුෂ ගිම්ශාන් 25, හසිඳු වික්‍රමාරච්චි 31, නඳුන් සිල්වා 40, නිශුධ චන්ද්‍රසිරි 2/25, යශ්මිත් ජයසුන්දර 2/82, සනුජ නිඳුවර 2/54

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Kandy Customs SC කණ්ඩායමට.)

SSC සහ Panadura SC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (51.5) චාර්ය පරණවිතාන 43, අසදිස ද සිල්වා 50, නේක්ෂ ඉද්දමල්ගොඩ 27, මල්ශාන් ප්‍රනාන්දු 7/39, යොහාන් දේවප්‍රිය 2/27

 

SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (63.4) රිවිත් ජයසූරිය 56, කවීන් ප්‍රනාන්දු 33, ශෙවෝන් ඩැනියෙල් 121, රනුද සෝමරත්න 47, යොහාන් දෙවප්‍රිය 20, රන්දික මිහිරංග 2/67, මලින්ත සිල්වා 5/86

 

Panadura SC – දෙවැනි කඩුලු 9ක් දැවී 199 (53.0) ලිවිරු ප්‍රනාන්දු 85, අසදිස ද සිල්වා 31, මිහින් සොයිසා 23, මල්ශ ප්‍රනාන්දු 5/74, දිනුක වන්නිආරච්චි 2/62

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය SSC කණ්ඩායමට.)

Moors SC සහ Ragama CC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (55.3) ලහිරු අබේසිංහ 50, සසිඳු බැට්ටගේ 30, දසිත් ගුණතිලක 53, දිනිත් කුමාරසිංහ 4/32, ඉඳුවර උදාන 3/53, සඳරු මල්ශාන් 3/44

 

Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (37.2) සඳරු මල්ශාන් නොදැවී 71, කවීෂ ලියනාරච්චි 3/29, මලීෂ සිල්වා 4/28

 

Ragama CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 338 (72.0) සහන් කෞශල්‍ය 24, දෙනුර දිමන්සිත් 137, ලහිරු අබේසිංහ 62, විරංග යෙශාන් 40, මලීෂ සිල්වා 27, ඉඳුවර උදේන 2/136, සඳරු මල්ශාන් 5/89

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Ragama CC කණ්ඩායමට.)

මෙම තරගත් සමඟින් වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව තරගාවලිය අර්ධ අවසන් පූර්ව වයට නියෝජනය කිරිමට A කාණ්ඩයෙන් Bloomfield C & AC සහ Moors SC කණ්ඩායම් ද B කාණ්ඩයෙන් CCC සහ  Chilaw Marians CC කණ්ඩායම් ද C කාණ්ඩයෙන් Kurunegala Youth CC සහ BRC කණ්ඩායම් ද D කාණ්ඩයෙන් SSC සහ Negombo CC කණ්ඩායම් ද සුදුසුකම් ලබා ගත්තා.

එම වටයේ තරග මේ මස 26 සහ 27 දෙදින පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<