ක්‍රිකට් පිටිය උණුසුම් කළ ශතක 4ක්

368

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (1) දිවයින පුර විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ විය.

එහි දී මහානාම විද්‍යාලය වෙනුවෙන් පවන් රත්නායක (175) හා පවන්ත විරසිංහ (132) ශතක රැස්කර ගන්නා විට සාන්ත ආනා විද්‍යාලයේ දිනෙත් චන්දිමාල් සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 114ක් ලබා ගත්තේය. ඊට අමතරව මහින්ද විද්‍යාලයේ හංසික වැලිහිඳ ශතකයක් වාර්තා කරන ලදි.

ආනන්ද හා සාන්ත සෙබස්තියන් විද්‍යාලවලට වැඩි වාසිය

ආනන්ද විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළ අද (30) දිනයේ දී නාලන්ද හා තර්ස්ටන්…

සාන්ත ආනා විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සත්කාරකයින් පළමුව පන්දු යවන ලදි. පළමුව පිටියට පිවිසි සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට දිනෙත් චන්දිමාල් සමත් විය. ඊට අමතරව රන්දීර් රණසිංහ හා වනිත වන්නිනායක පිළිවෙළින් ලකුණු 51ක් හා 47ක් ලබාගෙන සාන්ත ආනා පළමු ඉනිම ලකුණු 294ක් දක්වා ඔසවා තබන ලදි. පන්දු යැවීමේ දී යසිඳු ජයවීර කඩුලු 5යි. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රියාත්මක කරන සාන්ත අන්තෝනි විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටියි.

සාන්ත ආනා විද්‍යාලය – 294/10 (79.5): දිනෙත් චන්දිමාල් 114, රන්දීර් රණසිංහ 51, වනිත වන්නිනායක 47, දනංජය බණඩාර 21, යසිඳු ජයවීර 5/76.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 39/1 (13):


මහානාම විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ ශතක දෙකක් වාර්තා විය. එහි දී මහානාම විද්‍යාලයේ ක්‍රීඩා කරනු ලබන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන පවන් රත්නායක සුපිරි ශතකයක් ලබාගෙන ලකුණු 175ක් ලබා ගත්තේය. ඔහුට සවියක් වූ වමතින් පිත්ත හසුරුවන පවන්ත වීරසිංහ මහානාම විද්‍යාලයට ඉනිමක ජයක බලාපොරොත්තුවක් ඉතිරි කර තබමින් ලකුණු 132ක් ලබා ගත්තේය.  දිනය අවසන් වන විටම මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටු වූයේ ජනාධිපති විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

මහානාම විද්‍යාලය – 403/6d (95.1): පවන් රත්නායක 175, පවන්ත විරසිංහ 132, පවන්ත රොද්‍රිගෝ 30.


ලුම්බිණි විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

තරගයේ පළමු දිනය අවසන් වන විට සත්කාරක මහින්ද විද්‍යාලය ලුම්බිණි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 129ක් ඉදිරියෙන් සිටින ලදි.

කාසියේ වාසිය දිනාගත් සත්කරකයින්ගේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලයට සියල්ලන්ම දැවී ලකුණු 73ක් ලබා ගත්තේය. එහි දී පසන් පෙතනගොඩ කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. අනතුරුව පිටියට පිවිසි මහින්ද විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් හංසික වැලිහිඳ ශතකයක් ලබාගත් අතර ඔහු වටා එක්වූ බිනුර දිම්සර කවිඳු එදිරිවීර ලකුණු අතරට පිවිසියේය.  මදුසංක ශ්‍රිනාද කඩුලු 3යි.

ලුම්බිණි විද්‍යාලය – 73/10 (31.4): පසන් පෙතනගොඩ 5/30.

මහින්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 202/6 (66): හංසික වැලිහිඳ 107, බිනුර දිම්සර 27, කවිඳු එදිරිවීර 26, මදුසංක ශ්‍රිනාද 3/70.

මෙම තරග සියල්ල හෙට (2) දෙවන දිනයටත් පැවැත්වෙන අතර හෙට දිනයේ ආරම්භ වන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය සජීව ලෙස විකාශනය කිරීමට ThePapare.com සියල්ල සුදානම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<