ඉන්දීය යෞවනියන්ට තරග 3-0ක ජයක්

17
Sri Lanka Women U19 tour of India

ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

දෙරට අතර පැවැති තරගවල දී ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 120කින් ද,  2 වැනි එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් ද සහ පෙර දින (5) අවසන් වු 3 වැනි සහ අවසන් එක්දින සීමිත පන්දුවාර තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ද ලබා ගනිමින් තරගාවලිය නිමා කරනවා.

Puducherry හී ක්‍රීඩා සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ දී මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ තවත් පන්දු 190ක් ඉතිරි කර ගනිමින් කඩුලු 2ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කරනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ලිමංසා තිලකරත්න, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), මනුදි නානායක්කාර, ප්‍රමුදි මෙත්සරා, දනෝද්‍යා සෙව්මිණි, යෙශලි ජිතාරා, චමෝදි හේරත් සහ සනුකි පතිරගේ.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

Bhavika Ahire (නායිකාව සහ කඩුලු රකින්නිය) Ishwari Awasare, Ira Jadhav, Nidhi Mahto, Kashvi Kandikuppa, Kumari Palak, Janhavi Virkar, Venkatesh Prathiksha, Anaadi Tagde, Mahak Narwase සහ Vidhi Parmar

Deeksha Katragadda  (කඩුලු රකින්නිය),  Deeya Yadav, Venkatesh Prathiksha, Purva Siwach, Purva Siwach, Kumari Palak, Vidhi Parmar, Mahak Narwase

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ විමෝක්ෂා බාලසූරිය. ඇය පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා.

ඊට අමතර ව නෙතඟි ඉසුරාංජලී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද නායිකා චමුදි ප්‍රබෝධා පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Kumari Palak සහ Janhavi Virkar කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Mahak Narwase කඩුලු 2ක් ද සහ Kashvi Kandikuppa කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී Ishwari Awasare ඇය පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා ගත්තා.

ඊට අමතර ව Nidhi Mahto පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 74ක ලකුණු සබඳතාවක් ගොඩ නගනවා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමුදි මෙත්සරා සහ චමෝදි හේරත් කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව       

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 159 (48.5) විමෝක්ෂා බාලසූරිය 62, නෙතඟි ඉසුරාංජලී 24, Janhavi Virkar 3/33, Mahak Narwase 2/19, Kumari Palak 3/13

 

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 2ක් දැවී 161 (18.2) Ishwari Awasare 75, Nidhi Mahto 54

 

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 49ක ජයක්.

  • තරගයේ වීරයා – Janhavi Virkar (ඉන්දියාව)
  • තරගාවලියේ වීරයා – Nidhi Mahto  (ඉන්දියාව)

මෙම තරගාවලියට පෙර දෙරට අතර පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ද ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග 3-0ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

https://x.com/imfemalecricket/status/2072274401564012634/photo/1

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<