ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ විසඳුම, සුපිරි පන්දුවාරකින් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ද ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 265ක් පමණයි.
කණ්ඩායම් ද්විත්වයේ ලකුණු ලබා ගැනීම සම වීමත් සමඟින් ඒ අනුව පැවැති සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකාවයි. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 16ක් ලබා ගත් අතර ඉන් අනතුරු ව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කිසිවෙක් නොදැවී ලකුණු 9ක් පමණයි.
අද තරගයේ දී ශ්‍රී ලංකාව පෙර තරගය හා එක් වූ කණ්ඩායම ම නම් කර තිබූ අතර ඉන්දියාව මෙම තරගය හා එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. එහි දී පෙර තරගය හා එක් වූ Priyansh Arya සහ Anshul Kamboj වෙනුවට Nishant Sindhu සහ Yash Thakur එක් කර තිබුණා.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, විශේන් හැළඹගේ, සදීර සමරවික්‍රම, අහන් වික්‍රමසිංහ, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස් සහ කුගතාස් මාතුලන්.
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම
Tilak Varma (නායක), Prabhsimran Singh (කඩුලු රකින්නිය), Vaibhav Sooryavanshi, Ruturaj Gaikwad, Ayush Badoni, Nishant Sindhu, Suryansh Shedge, Anukul Roy, Vipraj Nigam, Arshad Khan සහ Yash Thakur.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Suryansh Shedge. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව Vipraj Nigam ද පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 90ක දී ලකුණු 104ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා මෙම ඉනිම ගොඩ නගන්නේ ඉන්දීය ඉනිමේ කඩුලු 7ක් ලකුණු 143කට දැවී ගොස් තිබිය දී එක් වෙමිනුයි.
ඔවුන්ට අමතර ව ඉදිරිපෙළ පිතිකරුවන් අතුරින් Ruturaj Gaikwad පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 26කට කඩුලු 3ක් ද සහ මොහොමඩ් ශිරාස් ලකුණු 33කට කඩුලු 3ක් ද දවා ගත් අතර ඊට අමතර ව කූගතාස් මාතුලන්, වනුජ සහන් සහ සහන් ආරච්චිගේ කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!
- අවිශ්කගේ ශතකයත් සමඟින් ශ්‍රී ලංකාවට ජය
- අංජල බණ්ඩාරගෙන් 2 වැනි ඉනිමටත් ශතකයක්
- 2026 LPL තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින්ගෙන් ඉහළ තරගයක්
- ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ තොරතුරු
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව පළමු කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 56ක සබඳතාවක් එක් කරනවා.
අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 22කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඉන් අනතුරු ව විශේන් හැළඹගේ පන්දු 11කට හතරේ පහර 4ක් සමඟින් ලකුණු 17කට දැවී යන අතර අනතුරු ව ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටිය දී 3 වැනි කඩුල්ලට දැවී යනවා.
ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 112ක් ව තිබූ අතර අනතුරු ව සහන් ආරච්චිගේ (8) සහ අහන් වික්‍රමසිංහ (6) ද අඩු ලකුණුවලට තම ඉනිම් හැර යනවා.
ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 80ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කිරීමට සදීර සමරවික්‍රම සහ වනුජ සහන් සමත් වෙනවා. වනුජ සහන් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ඒ වෙද්දී අර්ධ ශතකයක් ලබා සිටි සදීර සමරවික්‍රම ගේ කර මත ශ්‍රී ලංකා ඉනිමේ බර පැටවෙනවා. පන්දු 98කදී ජයග්‍රහණයට ලකුණු 72ක්, පසු පෙළ පිතිකරුවන් හා ලබා ගැනීම ඔහු වෙත පැවැරුණ වගකීමයි.
එහි දී සදීර සමරවික්‍රම හා එක් වූ විජයකාන්ත් වියස්කාන්ත් 7 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 35ක් ද සහ චාමික ගුණසේකර හා සමඟ 8 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 32ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් විජයකාන්ත් වියස්කාන්ත් දැවී යද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටි අතර 8 වැනි කඩුල්ලට එතෙක් පිටියේ සාර්ථක ව රැඳී සිටි සදීර සමරවික්‍රම පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 93කට දැවී යනවා.
ඒ වෙද්දී ජයග්‍රහණය සඳහා පන්දු 4ක දී තවත් ලකුණු 6ක් අවශ්‍ය වූණා. එහෙත් ඉනිමේ අවසන් පන්දුවේ දී තරගයේ ලකුණු සම කරමින් චාමික ගුණසේකර දුවද්දී දැවී ගිය අතර ඒ වෙද්දී ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Ayush Badoni ලකුණු 45කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව තවත් පන්දු යවන්නෝ 5 දෙනෙක් අතර කඩුල්ල බැගින් බෙදී ගියා.
දෙරට අතර පැවැති සුපිරි පන්දුවාරයේ දි ඉන්දීය ඉනිම වෙනුවෙන් Arshad Khan එම පන්දු වාරය යැවූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම වගකීම දැරුවේ කූගතාස් මාතුලන්.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 265 (49.2) Vaibhav Sooryavanshi 21, Ruturaj Gaikwad 37, Tilak Varma 23, Suryansh Shedge 72, Vipraj Nigam 51, මොහොමඩ් ශිරාස් 3/33, විජයකාන්ත් වියස්කාන්ත් 3/26
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 9ක් දැවී 265 (50.0) නිරෝෂන් දික්වැල්ල 37, අවිශ්ක ප්‍රනාන්දු 22, සදීර සමරවික්‍රම 93, වනුජ සහන් 25, Ayush Badoni 2/45
තරගයේ ලකුණු සමයි.
සුපිරි පන්දු වාරය
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම– කිසිවෙක් නොදැවී 16 (1.0)සහන් ආරච්චිගේ නොදැවී 6, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 7
- ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම– කිසිවෙක් නොදැවී 9 (1.0) Suryansh Shedgeනොදැවී 3, Vaibhav Sooryavanshi නොදැවී 6
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට සුපිරි පන්දුවාරයෙන් ජය.
තරගයේ වීරයා – සදීර සමරවික්‍රම (ශ්‍රී ලංකාව)
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Prabhsimran Singh | c Wanuja Sahan b Mohamed Shiraz | 11 | 13 | 2 | 0 | 84.62 |
| Vaibhav Sooryavanshi | c Wanuja Sahan b Sahan Arachchige | 21 | 14 | 3 | 1 | 150.00 |
| Ruturaj Gaikwad | lbw b Vijayakanth Viyaskanth | 37 | 42 | 3 | 0 | 88.10 |
| Tilak Varma | c Sadeera Samarawickrama b Kugathas Mathulan | 23 | 32 | 3 | 0 | 71.88 |
| Ayush Badoni | c Niroshan Dickwella b Wanuja Sahan | 15 | 35 | 0 | 0 | 42.86 |
| Nishant Sindhu | c Niroshan Dickwella b Vijayakanth Viyaskanth | 6 | 12 | 0 | 0 | 50.00 |
| Suryansh Shedge | c Ahan Wickramasinghe b Mohamed Shiraz | 72 | 66 | 3 | 2 | 109.09 |
| Anukul Roy | c Niroshan Dickwella b Vijayakanth Viyaskanth | 8 | 27 | 0 | 0 | 29.63 |
| Vipraj Nigam | run out (Mohamed Shiraz) | 51 | 49 | 6 | 0 | 104.08 |
| Arshad Khan | lbw b Mohamed Shiraz | 2 | 2 | 0 | 0 | 100.00 |
| Yash Thakur | not out | 2 | 4 | 0 | 0 | 50.00 |
| Extras | 17 (b 0 , lb 1 , nb 0, w 11, pen 5) |
| Total | 265/10 (49.2 Overs, RR: 5.37) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Mohamed Shiraz | 7.2 | 1 | 33 | 3 | 4.58 | |
| Chamika Gunasekara | 5 | 0 | 46 | 0 | 9.20 | |
| Sahan Arachchige | 10 | 0 | 58 | 1 | 5.80 | |
| Kugathas Mathulan | 5 | 0 | 33 | 1 | 6.60 | |
| Wanuja Sahan | 10 | 0 | 40 | 1 | 4.00 | |
| Vijayakanth Viyaskanth | 10 | 0 | 26 | 3 | 2.60 | |
| Vishen Halambage | 2 | 0 | 23 | 0 | 11.50 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Niroshan Dickwella | c Prabhsimran Singh b Vipraj Nigam | 37 | 33 | 6 | 0 | 112.12 |
| Avishka Fernando | b Nishant Sindhu | 22 | 14 | 5 | 0 | 157.14 |
| Vishen Halambage | lbw b Ayush Badoni | 17 | 11 | 4 | 0 | 154.55 |
| Sadeera Samarawickrama | b Arshad Khan | 93 | 111 | 7 | 0 | 83.78 |
| Sahan Arachchige | run out (Suryansh Shedge) | 8 | 12 | 0 | 0 | 66.67 |
| Ahan Wickramasinghe | c & b Suryansh Shedge | 6 | 11 | 1 | 0 | 54.55 |
| Wanuja Sahan | c Nishant Sindhu b Ayush Badoni | 25 | 41 | 1 | 0 | 60.98 |
| Vijayakanth Viyaskanth | b Anukul Roy | 18 | 39 | 1 | 0 | 46.15 |
| Chamika Gunasekara | run out (Prabhsimran Singh) | 18 | 25 | 0 | 0 | 72.00 |
| Mohamed Shiraz | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
| Extras | 19 (b 0 , lb 4 , nb 1, w 4, pen 10) |
| Total | 265/9 (50 Overs, RR: 5.3) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Arshad Khan | 8 | 0 | 36 | 1 | 4.50 | |
| Yash Thakur | 3 | 0 | 29 | 0 | 9.67 | |
| Nishant Sindhu | 10 | 0 | 62 | 1 | 6.20 | |
| Ayush Badoni | 9 | 1 | 45 | 2 | 5.00 | |
| Vipraj Nigam | 10 | 0 | 36 | 1 | 3.60 | |
| Anukul Roy | 7 | 0 | 30 | 1 | 4.29 | |
| Suryansh Shedge | 3 | 0 | 13 | 1 | 4.33 | |
තරගාවලියේ 5 වැනි තරගය ඇෆ්ගනිස්තාන සහ ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 17 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තුන්කොන් A ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියේ සියළු තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















