බංග්ලාදේශ සංචාරය තවත් කල් යයි ද?

190

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම් කිහිපයක් නිසා බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තවත් කල් යෑමේ අවදානමක් ඇති බව Thepapare.com වෙත වාර්තා වේ. 

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිරෝධායන කාලසීමාව ගැන සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුනු අතර මේ වන විටත් එම ගැටළුව සමතයකට පත්ව නැත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිරෝධායනය දින තුනකට සීමා කරන ලෙස ඉල්ලා සිටියි. ඒ දින තුන ඔවුන් හෝටලය තුළ රැඳී සිටින බව පවසා ඇති අතර ඊළඟ දින හතර තුළ ඔවුන්ට ශාරීරික යෝග්‍යතා අභ්‍යාස ආරම්භ කරන්නට අවශ්‍ය බව පවසා තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසා ඇත්තේ ඔවුන්ට 8 වන දිනයේ සිට ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරීමට අවශ්‍ය බවයි. පවතින තත්වය මත බංග්ලාදේශ කණ්ඩායමට එළඹෙන සැප්තැම්බර් 27 වනදා එරටින් පිටත්වීමට හැකියාවක් නොමැති බව පෙනී යයි. ඒ අනුව ඇතැම් විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය තරග දෙකකට සීමා කරන්නට ඉඩ ඇති අතර තරගාවලිය නැවතත් කල් දැමීමේ අවධානමක් ද තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<