Home Sinhala ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට දැවැන්ත අභියෝගයක්!

ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට දැවැන්ත අභියෝගයක්!

Sri Lanka Tour Of West Indies 2026

7
Sri Lanka Tour Of West Indies 2026

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කොදෙව් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 338ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ලහිරු උදාර ලකුණු 188ක් වාර්තා කිරීමට සමත් වුනා. ඊට අමතරව කමිඳු මෙන්ඩිස් ද ලකුණු 84ක් ලබමින් ඉනිමට ශක්තියක් වූ අතර, දිනය නිමා වන කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූශ හය වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වී සිටියා.

තරගයේ දෙවැනි දිනය තුළ මෙන්ඩිස් සහ දිනූශ දෙදෙනා විසින් සිය සබඳතාව තවත් ඉදිරියට රැගෙන යමින් ලකුණු 143ක් ලෙස සටහන් කිරීමට සමත් වූ අතර, මෙහි දී මෙන්ඩිස්ගේ පිත්තෙන් ඉනිමට ලකුණු 69ක් එක් වුනා. පන්දු 115ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වූ අතර, ඔහුගේ දැවී යාමෙන් පසුව මිලාන්‍ රත්නායක පිටියට අවතීර්ණ වෙමින් දිනූශ සමග හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී ඉනිමේ හත් වැනි කඩුල්ල ලෙස සොනාල් දිනූශ පිටියෙන් ඉවත් වූ අතර, හතරේ පහර 12කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිම ලකුණු 92කින් නතර වුනා.

ඉන් අනතුරුව ද ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන් විසින් තම සහය ඉනිමට ලබා දෙමින් සිය ලකුණු පුවරුව කඩුලු 09කට ලකුණු 549ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

මෙහි දී Shamar Joseph සහ Jayden Seales කොදෙව්වන් වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

මින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ආරම්භ වූ අතර, මෙහි දී කොදෙව් ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් Brandon King සහ John Campbell පිටියේ එක් වූ අතර, ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 33කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු විසින් සමත් වුනා.

Kingගේ ඉනිම ලකුණු 17කට සීමා වූ අතර, ඉන් පසුව දිනය නිමා වන තුරු තම කඩුලු ආරක්ෂා කර ගැනීමට John Campbell සහ Kavem Hodge සමත් වූ අතර, තරගයේ දෙවැනි දිනය නිමා වන විට කොදෙව්වන් විසින් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මේ අනුව ශ්‍රී ලංකාව තවමත් කොදෙව්වන්ට වඩා ලකුණු 491ක් පෙරමුණේ පසු වනවා. තරගයේ තෙවැනි දිනය අද (05) ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Stumps
West Indies
58/1 (24)
Sri Lanka
549/9 (139.3)
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Brandon King b Shamar Joseph 6 11 1 0 54.55
Lahiru Udara c Shamar Joseph b Alzarri Joseph 188 248 21 5 75.81
Dinesh Chandimal c Brandon King b Shamar Joseph 1 15 0 0 6.67
Kamindu Mendis st Shai Hope b Justin Greaves 84 120 11 0 70.00
Dhananjaya de Silva c John Campbell b Jayden Seales 33 90 2 0 36.67
Kusal Mendis b Anderson Phillip 69 115 8 3 60.00
Sonal Dinusha  c Brandon King b Kavem Hodge 92 166 12 0 55.42
Milan Rathnayake c Justin Greaves b Roston Chase 15 43 0 0 34.88
Prabath Jayasuriya not out 17 22 1 0 77.27
Isitha Wijesundara c John Campbell b Jayden Seales 14 14 1 1 100.00
Extras 30 (b 1 , lb 14 , nb 7, w 8, pen 0)
Total 549/9 (139.3 Overs, RR: 3.94)
Bowling O M R W Econ
Jayden Seales 25.3 5 98 2 3.87
Shamar Joseph 23 4 98 2 4.26
Alzarri Joseph 21 4 98 1 4.67
Anderson Phillip 19 0 72 1 3.79
Justin Greaves 18 2 43 1 2.39
Roston Chase 29 2 99 1 3.41
Kavem Hodge 4 0 26 1 6.50

Batsmen R B 4s 6s SR
John Campbell not out 31 77 4 1 40.26
Brandon King c Kamindu Mendis b Asitha Fernando 17 26 3 0 65.38
Kavem Hodge b 6 41 0 0 14.63
Extras 4 (b 4 , lb 0 , nb 0, w 0, pen 0)
Total 58/1 (24 Overs, RR: 2.42)
Bowling O M R W Econ
Asitha Fernando 7 2 11 1 1.57
Isitha Wijesundara 7 0 26 0 3.71
Milan Rathnayake 5 2 12 0 2.40
Prabath Jayasuriya 5 2 5 0 1.00

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<