Universe Bossගෙන් විශේෂ ප්‍රකාශයක්

4493

මීළඟ වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී නැවතත් පිවිසීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව සහ ශූරතාවය දිනා ගැනීමට තමන් කැමති කණ්ඩායම් දෙකක් පිළිබඳව සුපිරි පිතිකරු Chris Gayle ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායම් ත්‍රිත්වයක් නියෝජනය කර තිබෙන Chris Gayle තරගාවලියේ බිහි වූ සුපිරිතම ක්‍රීඩකයෙකු සැලකෙන අතර ඔහු 2009 වසරේ Kolkata Knight Riders නියෝජනය කරමින් තරගාවලියට පිවිසුණා.

ඉන්පසු 2011 වසරේ සිට Royal Challengers Bangalore නියෝජනය කරමින් ඔහු තරග 84ක දී ශතක පහක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 3163ක් රැස් කරගැනීමට සමත් වූ අතර ඔහුව 2019 වසරේ දී Punjab Kings විසින් මිල දී ගත්තා.

තරග 41ක් තුළ එම කණ්ඩායම නියෝජනය කළ ඔහු ලකුණු 1339ක් වාර්තා කරගැනීමට සමත් වූ නමුත් 2022 වසරේ ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිම කණ්ඩායමක් Gayleව මිල දී ගත්තේ නැහැ.

මීළඟ තරගාවලිය නියෝජනය කිරීමේ අදහස පිළිබඳව ප්‍රකාශ කරමින් Chris Gayle පවසා සිටියේ ඔහුගේ කුසලාන ගොන්නෙන් මඟහැරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලානය දිනා ගැනීම තමන්ගේ හීනයක් බවයි.

“මීළඟ අවුරුද්දේ මම නැවත පැමිණෙනවා. ඒ ඔවුන්ට අවශ්‍ය නම්. මම ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායම් තුනක් නියෝජනය කළා. Royal Challengers සහ Punjab කණ්ඩායම් සමඟ ශූරතාවයක් දිනා ගන්න මම කැමතියි. මම Royal Challengers සමඟ විශිෂ්ට කාලයක් ගත කළා. ඒ වගේම මම අභියෝග වලට ගොඩක් කැමතියි”, යැයි ඔහු ප්‍රකාශ කළා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<