අයර්ලන්ත – බංග්ලාදේශ තරගාවලියත් කොරෝනා නිසා නවතියි

61

බංග්ලාදේශයට එරෙහි අයර්ලන්තයේ තරග හතක තරගාවලිය අවලංගු කිරීම නව කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ක්‍රිකට් දින දර්ශනයට එල්ල වූ නවතම බලපෑම බවට පත්විය. බංග්ලාදේශ සහ අයර්ලන්ත ක්‍රිකට් ආයතන මෙම තීරණය ගනු ලැබුවේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. 

PSL ක්‍රීඩකයන් කොරෝනාවෙන් බේරෙද්දී එක් අයෙකුට ආසාදනය වෙයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කල් දැමූ දිනයේ එනම් මාර්තු 17 වන දින පවත්වන ලද COVID-19 පරීක්ෂණ……………..

බෙල්ෆාස්ට් හිදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරග 4ක් මේ අනුව අවලංගු වනු ඇත. මෙම තරගාවලිය මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත රජයේ උපදෙස් අනුව ක්‍රීඩා රැස්වීම්, විශාල රැස්වීම් සහ සංචාරක සීමා හේතුවෙන් එය කල් දමා තිබේ. 

“ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, රසිකයන් සහ පුළුල් ප්‍රජාවගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඉදිරි මාස කිහිපය තුළ අපගේ මෙහෙයුම් වල ප්‍රධානම අරමුණ ආරක්ෂාවයි.” යැයි අයර්ලන්තයේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වොරන් ඩියුට්‍රොම් පැවසීය. 

“මෙම තීරණයට එළඹීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබුනු සහයෝගය පිළිබඳව අපි ස්තූතිවන්ත වෙනවා. මෙම ගෝලීය අර්බුදය පහව ගිය පසු මෙම තරගාවලිය නැවත වඩාත් නිශ්චිතවම සැලසුම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී අපි ඔවුන් සමඟ තරගමාලාව සඳහා නව දිනයන් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා.” 

එක්සත් රාජධානිය මෙම වසංගත තත්ත්වය අවම වශයෙන් මාස දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන් සියළුම ක්‍රීඩා වසා දමා සති දෙකක් ගතවී ඇත. 

COVID-19 වසංගතය හේතුවෙන් මැයි 28ට පෙර එංගලන්තයේ සහ වේල්සයේ කිසිඳු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා නොකිරීමට එරට රජය තීරණය කර ඇත. 

පසුගිය සිකුරාදා සිට එක්සත් රාජධානිය පුරා ඇති පබ්, අවන්හල් සහ ක්‍රීඩාගාර සියල්ල වසා දමා ඇති අතර පාසල් විවෘතව පවතින්නේ ප්‍රධාන සේවකයින්ගේ දරුවන්ට පමණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<