ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අද (12) අතරමඟ නතර කිරීමට සිදු වුණා.
මෙම තරගය පන්දුවාර 50ක තරගයක් ලෙසින් ආරම්භ වූව ද එය 42 වැනි පන්දුවාරයේ දී නතර කිරිමට සිදු වුණා. ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා A ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 217ක් ලබා සිටි අතර එතැන් සිට නැවත තරගය ආරම්භ කිරීමට හැකි වෙන්නේ නැහැ.
>>ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා A කණ්ඩායම් තරග අද සිට<<
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත්තා.
ශ්‍රී ලංකා කාන්ත A කණ්ඩායම
සත්‍යා සංදීපනී (නායිකාව), විශ්මි ගුණරත්න, සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා, පියුමි වත්සලා, ලිමංසා තිලකරත්න, දෙව්මි විහංඟා, රශ්මිකා සෙව්වන්දි, තාරුකා ෂෙහානි සහ චමුදි ප්‍රබෝධා.
නවසීලන්ත කාන්තා A කණ්ඩායම
Jess Watkin (නායිකාව), Kate Anderson, Bella James, Prue Catton, Tash Wakelin, JA Watkins, Kate Gaging (කඩුලු රකින්නා), Hannah Rowe, Xara Jetly, Emma Black, Kayley Knight.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න සහ සංජනා කාවින්දි විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ විශ්මි ගුණරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි.
ඒ වෙද්දී විශ්මි ගුණරත්න පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
සංජනා කාවින්දි 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා. ඒ වෙද්දී ඇය සුමුදු නිසංසලා හා එක් ව එම කඩුල්ලට ලකුණු 68ක් ලබා ගත්තා.
සුමුදු නිසංසලා 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
- එංගලන්ත ප්‍රවීණයින්ගේ ගැටුමට මැදි වූ තරුණ Bethell ගැටුමෙන් මිදීමට පිළිතුරු බඳියි
- කවිඳු, සදීර සහ චමෝද් සම්මානයට පත් NSL තරගාවලිය
අනතුරු ව ලිමංසා තිලකරත්න සහ දෙව්මි විහංඟා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් එක් කරනවා. එහි දී දෙවිම් විහංඟා පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 32ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Jess Watkin, Kayley Knight සහ Emma Black කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Xara Jetly කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා කාන්ත A කණ්ඩායම– කඩුලු 7ක් දැවී 217 (42.0) විශ්මි ගුණරත්න 23, සංජනා කාවින්දි 45, සුමුදු නිසංසලා 50, ලිමංසා තිලකරත්න 21, දෙව්මි විහංඟා 32, Emma Black 2/45, Kayley Knight 2/35, Jess Watkin 2/29
තරගයේ විසඳුමක් නෑ.
මෙම තරගාවලියේ උණුසුම් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















