2026 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම එළඹෙන මැයි 08 සිට

102
LPL 2026

එළඹෙන මැයි 08 වැනි දා සිට විදෙස් ක්‍රීඩකයින්ට 06 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ලියාපදිංචි වීමට අවස්ථාව හිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මැයි 08 වැනි දා සිට www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ Online ක්‍රමය යටතේ ක්‍රීඩකයින්ට තරගාවලියට ලියාපදිංචි විය හැකි අතර, එය එළඹෙන මැයි 18 දක්වා විවෘතව තැබෙනු ඇති.

මීළඟ LPL තරගාවලිය එළඹෙන ජුලි සහ අගෝස්තු මාසවල දී කොළඹ SSC, කොළඹ RPICS, පල්ලෙකැලේ PICS, සහ දඹුල්ල RDICS යන ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<