හිටපු එංගලන්ත සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වන Sir Alastair Cook සහ Kevin Pietersen අතර IPL සම්බන්ධයෙන් ඇති වී ඇති විවාදයට නවක එංගලන්ත පිතිකරු Jacob Bethell විසින් පිළිතුරු සපයා තිබෙනවා.
මෙවර IPL තරගාවලියේ Royal Challengers Bangaluru කණ්ඩායම නියෝජනය කරන Jacob Bethell හට තරගාවලියේ පළමු තරග හයේ දීම ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.
ඒ පිළිබඳ ඉලක්ක කර ගනිමින් මීට සති දෙකකට පමණ පෙර හිටපු එංගලන්ත සුපිරි ටෙස්ට් පිතිකරු Alastair Cook විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
“ඔහු කිසි දෙයක් කරන්නේ නැහැ, ඔහුට ඒ වෙනුවට එංගලන්තයට ඇවිල්ලා Warwickshire වෙනුවෙන් ඉනිම ආරම්භ කරන්න තිබුණා.”
Cook විසින් කිසි දිනෙක IPL ක්‍රීඩා කර නොමැති අතර, ඔහුට IPL තරගාවලිය සම්බන්ධයෙන් මීට පෙර සිටම විවේචන තිබූ බවත් ප්‍රසිද්ධ රහසක්.
නමුත් එම ප්‍රකාශයෙන් පසුව ඊට පිළිතුරු ලබා දීමට තවත් සුපිරි එංගලන්ත පිතිකරුවකු වන Kevin Pietersen ඉදිරියට පැමිණියා.
“IPL තරගාවලියක ක්‍රීඩා කිරීම මොන වගේද කියලා Alastair Cookට කිසිම අදහසක් නෑ. ඒ නිසා Jacob Bethell ගැන ඔහුට තියෙන අදහස ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඔබ ඉන්දියාවේ ම ඉන්න Jacob, ඔබ තරග ක්‍රීඩා නොකළත් එහි ඉඳලා ගන්න අත්දැකීම්වලින් ඔබ හොඳ ක්‍රීඩකයෙක් වේවී.”
මෙය Jacob Bethell සහ IPL පිළිබඳ විවාදයක් පමණක් නොවන අතර, Cook සහ Pietersen දෙදෙනා එංගලන්තය නියෝජනය කාල සීමාව තුළ ඔවුනොවුන් අතර තිබූ මතභේදාත්මක ගැටීම් නැවත ඉහළට පැමිණීමක් ලෙස ද හඳුන්වා දිය හැකි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
කෙසේ වෙතත් මෙම මතවාද තත්ව අතරේ ම Bethell හට IPL තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ, RCB නිත්‍ය ආරම්භක පිතිකරු වූ Phil Salt ආබාධයකට ලක් වීමත් සමඟයි.
ඉන් පසුව Bethell විසින් Virat Kholi සමඟ එක්ව RCB වෙනුවෙන් ඉනිම හතරක් ආරම්භ කිරීමට පිටියට පිවිසුනත් තවමත් ඔහුට ලකුණු 25 ඉක්මවූ ඉනිමක් දියත් කිරීමට හෝ හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් RCB කණ්ඩායම් කලමණාකාරීත්වය තවදුරටත් Bethell පිළිබඳ විශ්වාසය තබා ඇති බව දක්නට ලැබෙනවා.
මේ අතර Kevin Pietersen විසින් තම ප්‍රකාශයට එක්ක කළ ප්‍රහාරයෙන් පසුව Cook විසින් මීට දින තුනකට පමණ පෙර නැවත IPL සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළා.
“මම මගේ අදහසයි කිව්වේ, ඔහු පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දෙත් ඒ තරම් තරග ක්‍රීඩා නොකල නිසා මට එහෙම කියන්න පුළුවන්. මට ඔය අනිත් තර්කත් වටහා ගන්න පුළුවන්. නමුත් ඔබට එතන හිඳීමෙන් පමණක් ඉගෙන ගන්න බැහැ, ඔබට ක්‍රීඩා කරන්න තැනක් ලැබිය යුතුයි.
මම IPL ගැන හොඳටම දන්නේ නැහැ. ඒත් මට එහෙන් මෙහෙන් ඇහෙනවා ඒක හැමෝම හිතන තරම් හොඳ නැහැ කියලා. කවුරුවත් ඒ බව ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ, මොකද ලොක්කෝ තරහා කර ගෙන තව වසරක් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් නැති කර ගන්න ඔවුන් කැමති වෙන එකක් නැහැ.”
මෙම සියලු සංවාද අතරේ මෙම සිදුවීමට ප්‍රධාන හේතුව වූ Jacob Bethell ද මේ පිළිබඳ සිය අදහස් දක්වා තිබුණා.
“මම හිතන්නේ නැහැ මේක මගේ ක්‍රීඩා ජීවිතයට බලපෑමක් කරාවි කියලා හෝ මාව හොඳ ක්‍රීඩකයෙක් වීම වළක්වාවි කියලා.
හැමෝටම පුළුවන් තමන්ගේ අදහස් කියන්න. ඒකේ කිසිම වරදක් නැහැ. හැමෝම වෙනස් විදිවලට හිතන්නේ. ඒත් මම හිතන විදිහට නම්, මම ගත්තේ හරිම තීරණය. මම මේ ඉන්න තැන ගැන මට සෑහෙන්න සතුටුයි.”
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















