ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ 3 වැනි දිනය අවසන් වෙද්දී ජයග්‍රහණය උදෙසා ලකුණු 299ක් හඹා යන අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා සිටියා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 222ක් ලබා සිටිය දී ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩකයන්ට තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණයි.
>>අගනුවර ක්‍රීඩකයෝ ලකුණු 146කට දැවී යයි<<
ලකුණු 76ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම අද (6) තරගය ආරම්භ කරන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියදීයි. අද ඔවුන්ගේ ඉනිම ලකුණු 222කට සීමා වෙනවා.
පෙර දින ලකුණු 5ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැදී සිටි අංජල බණ්ඩාර අද 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.
ඔහු කවිඳු පතිරත්න (17) සමඟ 7 වැනි කඩුල්ලට ලකණු 26ක් ද සහ අකිල දනංජය හා එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ද ගොඩ නගනවා.
අකිල දනංජය දඹුලු ඉනිම අවසන් වෙද්දී පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා. ඔහු නිසල අබේරත්න (9) හා එක් වෙමින් අවසන් කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දැවී ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන චමෝද් බට්ටගේ ලකුණු 55කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් ද, ප්‍රමෝද් මදුශාන් කඩුලු 2ක් ද සහ ජනිත් ලියනගේ කඩුල්ල බැගින් දවා ගත්තා.
- අගනුවර ක්‍රීඩකයෝ ලකුණු 210ක් පිටුපසින්
- දඹුල්ලත් – කොළඹත් ගැටෙන NSL අවසන් මහා තරගය
- 2026 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම එළඹෙන මැයි 08 සිට
ජයග්‍රහණය සඳහා ලකුණු 299ක හඹා යන ඉනිමකට පිවිසි කොළඹ කණ්ඩායමේ දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ ධනංජය ලක්ශාන්. ඔහු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා.
ඔහු නුවනිඳු ප්‍රනාන්දු සමඟින් 2 වැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 65ක සබඳතාවක් ද ගොඩ නගනවා. නුවනිඳු ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 51කට මුහුණ දෙන අතර හතරේ පහර 2ක් ද ඊට එක් කරනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව අගනුවර ඉනිමට තවත් ලකුණු 9ක් එක් වෙද්දී ජනිත් ලියනගේ ලකුණු 5කට දැවී යනවා. දිනයේ අවසන් පිතිකරු ලෙසින් ධනංජය ලක්ෂාන් දැවී ගිය අතර ඒ වෙද්දී නායක චරිත් අසලංක පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව පන්දු 120ක දී ලකුණු 63ක්.
කඩුලු දවා ගැනීමේ දී ධනංජය ද සිල්වා, මොහොමඩ් ශිරාස්, කවිඳු පතිරත්න සහ අකිල දනංජය කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- දඹුල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 222 (70.0)පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40, ධනංජය ලක්ෂාන් 2/42, ජනිත් ලියනගේ 2/18, ප්‍රභාත් ජයසූරිය 4/54
- කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (5.3) ශාරුජන් ශන්මුගනාදන් 44, චරිත් අසලංක 27, කවිජ ගමගේ 25, කවිඳු පතිරත්න 5/51, අකිල දනංජය 3/17
- දඹුල්ල –දෙවැනිඉනිම සියලුම දෙනා දැවී 222 (71.4) නිශාන් මදුශ්ක 43, විශාද් රන්දික 21, අංජල බණ්ඩාර 32, අකිල දනංජය නොදැවී 53, ප්‍රමෝද් මදුශාන් 2/48, චමෝද් බට්ටගේ 4/55, ප්‍රභාත් ජයසූරිය 3/16
- කොළඹ –දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 154 (39.4) ධනංජය ලක්ෂාන් 84, නුවනිඳු ප්‍රනාන්දු 23, චරිත් අසලංක නොදැවී 29
කොළඹ කණ්ඩායම ලකුණු 145ක් පසු පසින්.
මෙම තරගයට හෙට (7) 4 වැනි සහ අවසන් දිනයට පැවැත්වේ.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















