ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟින් තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට පාකිස්තානය සැලසුම් කරමින් සිටින බව පාකිස්තාන වෙබ් අඩවියක් වන Geo Nesw වාර්තා කරනවා.
පාකිස්තානය තුළට සීමිත පන්දු වාර ක්‍රිකට් තරග නැවත රැගෙන ඒම ඉලක්ක කර ගනිමින් මෙසේ තුන් කොන් තරගාවලියක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කරන අතර, එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී තරගාවලිය පැවැත්වීමට අරමුණු කර ගෙන සිටිනවා.
මේ සඳහා එංගලන්තය සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති නමුත්, තවමත් ශ්‍රී ලංකාවෙන් තහවුරු කිරීමක් නොලැබ ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ශ්‍රී ලංකාව විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලි ද්විත්වයක් වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් මාසයෙ දී පැවැත්වීමට නියමිත අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එක්දින තුන්කොන් තරගාවලිය ද එම කාලය තුළ පැවැත්වීමට පාකිස්තානය සැලසුම් කරන බව වටහා ගත හැකි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත සමීප කිරීමට අපි සූදානම්.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















