මයිකල් ස්ලේටර් හට තවත් චෝදනා

884
Shepparton news

1999-2004 දක්වා වූ විශිෂ්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ වත්මන් විස්තර විචාරක Michael Slater (මයිකල් ස්ලේටර්) හට පුද්ගලයෙකුට පහර දීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය ජුලි 18 වැනිදා සිඩ්නි නුවර ෆ්‍රෙන්ච් ෆොරස්ට් හිදී මෙම පහර දීම සිදුවී තිබෙනවා. පහර දීම පිළිබඳවත්, මානසික සහ ශාරීරික භීතිය ඇතිකරවීම පිළිබඳවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු වනවා. ඒ වන විටත් ඔහු සිටියේ මින් පෙර සිදු කළ පහර දීමකට ඇප මතයි.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා අස්වාභාවික හැසිරීම් පෙන්වන්නෙකු ලෙස ප්‍රකට ඔහුට දැඩි කොන්දේසි සහිතව ඇප ලබා දී තිබුණා. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වන ලෙස ද අධිකරණයෙන් ඔහුට අවවාද ලබා දී තිබුණා.

ඔහුට එරෙහිව පැමිණිලි කළ පුද්ගලයන් හා සම්බන්ධතා පැවැත්වීම ද ඔහුට තහනම් කොට තිබුණා. පසුගිය මැයි මාසයේ දී කාන්තාවක් ලුහුබැඳීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වූ අතර ඊට ඔහු නිවැරදිකරු වුනා. 2021දී ඔහුට තවත් චෝදනාවක් එල්ල වී තිබූ අතර මානසික සෞඛ්‍යය ගැන සලකා බලා ඔහුව ඉන් ද නිදහස් කළා.

මීළඟ ජනවාරි මාසයේ දී ඔහුව අධිකරණයට කැඳවීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<