ටයිසන් රෝද පුටුවෙන්

459
thehansindia.com

හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා.

ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි.

ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නැවත ප්‍රශ්න කරන්නට ප්‍රේක්ෂකයන් පෙළඹී තිබෙනවා.

ඔහු කාලාන්තරයක් පුරා කොන්දේ ආබාධයකින් පසුවන අතර පසුගිය දා ඔහු සැරයටියක ආධාරයෙන් නිව්යෝක් නගරයේ සැරිසරනයුරු ද ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටී තිබුණා.

වාර්තා වන පරිදි ඔහු කොඳු ඇට පෙළෙහි අවසන් අස්ථිය සහ තුනටිය ආශ්‍රිත ස්නායු රෝගයකින් පෙළෙනවා. එබැවින් වේදනාව අවම කර ගැනීමට ඔහු රෝද පුටුවක් භාවිතා කරන බවයි පැවසෙන්නේ.

HotBoxin නම් ගුවන් විදුලි සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෑතක දී පැවසුවේ තමන් “අවසානයට ළඟා වෙමින්” සිටින බවයි. එය බොක්සිං ප්‍රේක්ෂකයන්ට කනාගාටුවක් ඇති කරන පුවතක් වුනේ මේ වන විටත් ටයිසන් හට ඇති ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන්.

’90 දශකයේ මුල භාගයේ සිට සහස්‍රයේ ආරම්භය දක්වා ලෝක බොක්සිං කරළියේ ජය කෙහෙලි නැංවූ මයික් ටයිසන් භයංකර සටන්කරුවෙකු ලෙස ප්‍රකටයි. බොක්සිං ක්‍රීඩාවට අමතරව පෞද්ගලික ගැටලු රැසක් නිසා ඔහු ගැන කතාබහට ලක්වනවා.

කෙසේ වෙතත් 56 හැවිරිදි මයික් ටයිසන් රෝගාබාධයකින් පෙළීමේ පුවත ප්‍රේක්ෂකයන්ට සතුට දැනවූයේ නැහැ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<