ඇෆ්ගනිස්ථාන පහණින් ශ්‍රී ලංකාවට එළියක්

ආසියානු කුසලානය 2022

217

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (30) ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මක වුනා.

එහිදී Najibullah Zadranගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

Sharjah හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ඇෆ්ගනිස්ථානයට ලකුණු 128ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 18කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී පසු කර ගියේ, ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට යම් අවස්ථාවක් ද ලබාදෙමින්.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඇෆ්ගනින්ස්ථානය – Hazratullah Zazai, Rahmanullah Gurbaz †, Ibrahim Zadran, Mohammad Nabi (නායක), Najibullah Zadran, Karim Janat, Rashid Khan, Azmatullah Omarzai, Naveen-ul-Haq, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi. Mahmudullah

බංග්ලාදේශය – Mohammad Naim, Anamul Haque, Shakib Al Hasan (නායක), Afif Hossain, Mahmudullah, Mosaddek Hossain, Mahmudullah, Mosaddek Hossain, Mahedi Hasan.

මේ ලබාගත් ජයත් සමග ඇෆ්ගනිස්ථානය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට බංග්ලාදේශ මුල් පෙල පිතිකරුවන්ට හැකි වුනේ නැහැ.

Naim ලකුණු 6කටත්, Haque  ලකුණු 5කටත්, නායක Shakib ලකුණු 11 කටත් දවා ගැනීමට Mujeeb සමත් වුණා. Mahedi Hasan, අවසානයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Mujeeb සහ Rashid කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් ඔවුන්ට එල්ල කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. එහිදී Gurbaz ලකුණු 11කට දැවී ගිය අතර, Hazratullah ලකුණු 23යි. Nabi රැස් කළේ ලකුණු 8ක් පමණයි.

කෙසේ වෙතත්, මන්දගාමීව ඇදෙමින් තිබූ ඇෆ්ගනිස්ථාන ඉනිමට සුපිරි අවසානයක් ගෙන එමින් විශිෂ්ඨ ජයක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට Najibullah  හා Ibrahim සමත් වුණා. Najibullah පන්දු 17ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 43*ක් නොදැවී රැස් කළේ හයේ පහර 6 කින් හා හතරේ පහරකින් සිය ඉනිම වර්ණවත් කරමින්.

Ibrahim නොදැවී ලකුණු 42* (41) යි. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33කින් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 69*ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එළඹෙන පළමු වැනිදා ඩුබායි හී දී පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගන්නා අතර, ඉන් පරාජයට පත් වන කණ්ඩායමට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වනවා.

යම් හෙයකින් අද තරගයෙන් බංග්ලාදේශය ජය ගත්තේනම්, ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දුරට අහිමි වීමේ අවධානමක් මතුව තිබුණා. ඒ, ශ්‍රී ලංකාව පළමු තරගයේ දී ඇෆ්ගනිස්ථානය හමුවේ ලැබූ අන්ත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා දුර්වල මට්ටමක (-5.176) පැවති නිසයි.

තරගාවලියේ සිව්වැනි තරගය ඉන්දියාව සහ හොංකොං අතර හෙට (31) දිනයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<