ශ්‍රී ලංකා එක්දින සංචිතයට අලුත් මුහුණක්

1825

ලබන 29 වැනිදා දඹුල්ලේ දී ආරම්භ වන තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස් වෙත ලබාදී ඇත.

ගුණරත්න නැවතත් කණ්ඩායම එද්දී ධනංජයට නායකත්වය

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු..

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායකත්වය නැවතත් ඇන්ජලෝ මැතිව්ස් වෙත ලබා දීමෙන් පසුව බංග්ලාදේශයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඔහුට සහභාගී වීමට නොහැකි වූ අතර දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේය.

දිනේෂ් චන්දිමාල් හා ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනාම  පිළිවෙළින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග තහනමට ලක්කර ඇති නිසා ඔවුන් දෙදෙනා මේ එක්දින සංචිතයෙන් ඉවත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ශෙහාන් ජයසූරිය හා වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මේ සංචිතය සඳහා අන්තර්ගත කර ඇති අතර ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයට පැමිණ ඇත්තේ 2016 වසරට පසුවයි. ප්‍රභාත් ජයසූරිය තවමත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර නොමැත. ඔවුන් දෙදෙනාම දේශීය ක්‍රිකට් තරග බිමේ දී දැක්වූ දස්කම් නිසාවෙන් මේ සංචිතය සඳහා තේරී පත්වීමට අවස්ථාව ලැබී ඇත.

වයස අවුරුදු 26ක් වන ප්‍රභාත් ජයසූරිය මාතලේ උපත ලබා ඇති ක්‍රීඩකයෙක් වන අතර ඔහු කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදී සිසුවෙකි. කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ගෙවී ගිය වසර දෙක තුල දේශීය ක්‍රිකට් බිමේ දස්කම් දැක්වීමට ප්‍රහාත් ජයසූරිය සමත්ව ඇත. ඔහු  සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය තුල තරග 25ක් ක්‍රීඩා කර කඩුලු 36ක් දවාගෙන ඇත්තේ 21.27ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ශෙහාන් ජයසූරිය හා ප්‍රභාත් ජයසූරිය යන දෙදෙනාට අමතරව අකිල දනංජය හා ලක්ෂාන් සඳකැන් සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නන් වේ. සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත යන ක්‍රීඩකයින් සංචිතයේ සිටින වේගපන්දු යවන්නන් වන අතර තිසර පෙරේරා හා දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට කැඳවා ඇත.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත, අකිල දනංජය, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය

අතිරේක ක්‍රීඩකයින් – දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිශාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩර්සේ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<