ඉන්දියාවේ පාපන්දුව ගැන FIFA විශේෂ තීරණයක් ගනී

316
Time News

වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන තෙවැනි පාර්ශවයන්ගේ අනිසි බලපෑම නිසාවෙන් මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවට බලපෑම් කිරීම සඳහා වූ පරිපාලක කමිටුවක් පිහිටුවීමේ නියෝජනය අවලංගු කළ පසු සහ ඉන්දීය පාපන්දු සම්මේලනයේ පූර්ණ පාලනය නැවත ලබා ගත් පසුව එම තහනම ඉවත් කරන බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

මෙම තීරණය නිසාවෙන් මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති වයස අවුරුදු 17න් පහළ කාන්තා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ද ඔවුන්ට අහිමි වනු ඇත.

එමෙන්ම මෙම ගැටලුව විසඳා ගනිමින් සිය තහනම ඉක්මනින් ඉවත් කර ගැනීමට නොහැකි වුවහොත් ඉන්දීය පිරිමි පාපන්දු කණ්ඩායමට 2023 ආසියානු කුසලානයට සහභාගී වීමේ අවස්ථාව ද අහිමි වීමට විශාල ඉඩක් පවතී.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<