ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිල ජර්සියේ ප්‍රබල වෙනස්කමක්

514

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින විට අඳිනු ලබන නිල ක්‍රීඩා ඇඳුම සහ පුහුණුවීම් සඳහා අඳිනු ලබන නිල ඇඳුම අද (03) දින  නිල වශයෙන් මාධ්‍යට නිකුත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ නිලධාරීන් තිදෙනෙක්

ඇමති ආරක්ෂක අංශයට (MSD) අනුබද්ධිත පොලිස් නිලධාරීන් තිදෙනෙක් ලෝක කුසලානය සඳහා….

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය දැක්වීම පිණිස දේශීය අනුග්‍රාහකයින් ඉදිරිපත් නොවන පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නිල අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව ඉන්දීය අනුග්‍රාහක ආයතනයක් වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.‍‍‍

ඉන්දීය සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනායතනයක් වන “කෙන්ට් රෝ සිස්ටම් ආයතනය”, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නිල අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරන ආයතනය වේ. මේ වනවිට එය ආසියාව පුරාවට මෙන්ම ලොව පුරාම ප්‍රසිද්ධියට පත් ආයතනයකි. එසේම මෙම නිල ඇඳුම නිර්මාණය කර ඇත්තේ MAS සමාගම විසිනි. ඔවුන් මෙම ඇඳුම නිර්මාණය කිරීම සඳහා ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර තිබෙන අතර එය 100%ක් දේශීය අමුද්‍රව්‍ය සහ තාක්ෂණය උපයෝගී කරගෙන තිබීම බොහෝදෙනාගේ අවධානයට ලක්විය. මෙම නිල ජර්සියේ ඉදිරිපස ඇති විසිතුරු (design) අතර කැස්බෑවෙකුගේ හැඩයක් ද අන්තර්ගත කර ඇත.

“අපේ මේ නව නිෂ්පාදනය වසරක විතර ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්. මේක අතිශයින්ම සාර්ථකයි. අපේ වෙරළබඩ පද්ධතිය පිරිසිදු කරලා එකෙන් ගත්ත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරලා තමයි අපි මේ ඇඳුම නිර්මාණය කළේ. ඒකට අපේ නාවික හමුදාවත් අපිට උදව් කළා. මේ නිර්මාණයට අපි කැස්බෑවෙක් දැම්මේ වෙරළ ආශ්‍රිතව එකතු වන පොලිතීන් නිසා වැඩිම හානියක් වෙන්නේ ඒ සත්ත්වයාටයි. කැස්බෑවා අහිංසක සත්ත්වයෙක්. අපේ මේ නිර්මාණය ජාත්‍යන්තරයට යන්නේ නිකන්ම නිකන් ඇඳුමක් විදිහට නෙවෙයි. පරිසරය රැකගෙන කරපු නිර්මාණයක් ලෙසයි.” යැයි MAS Holdings ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන ශිරේන්ද්‍ර ලෝව්රන්ස් මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ආයතනය වශයෙන් ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරන නමුත් අදාළ කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි (ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, විස්සයි විස්ස ලෝක ශූරතාව සහ ආසියානු ශූරතාවය) සඳහා එම අනුග්‍රාහකත්වය ඇතුළත් නොවේ. මෙවන් තත්ත්වයක් මත ඒ සඳහා නව අනුග්‍රාහකයකු සොයා ගැනීම පිළිබඳව දැන්වීම් කිහිපයක් මීට සති කීපයකට පෙර පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු ආයතනය පියවර ගත්තේය.

ඉන්දියානු ආයතනයක් වන “කෙන්ට් රෝ සිස්ටම් ආයතනය”, මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින ප්‍රධාන කණ්ඩායමක් වන රවිචන්ද්‍රන් අශ්වින්ගේ නායකත්වයෙන් යුතු Kings XI Punjab කණ්ඩායමේ ද අනුග්‍රාහකයකු ලෙස කටයුතු කරයි.

Photo Album : Partnering Sri Lanka’s Cricket World Cup Campaign 2019

අද (03) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වන මොහාන් ද සිල්වා, උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, කෙන්ට් සහ MAS ආයතනයන් වල නිලධාරීන් රැසක් පැමිණ සිටියහ.

පසුගිය අප්‍රේල් මස 18 දින නම් කරනු ලැබූ ශ්‍රී ලංකා සංචිතය, ස්කොට්ලන්ත තරගාවලියට සහ ලෝක කුසලාන කුසලානය වෙනුවෙන් මෙම (මැයි) මස 05 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩසේ.

අතිරේක ක්‍රීඩකයින්ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග

>>​ශ්‍රී ලංකාව ලෝක විස්සයි විස්ස ශූරයන් අභිබවා ඉදිරියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 1  – නවසීලන්තය – කාර්ඩිෆ්
  • ජුනි 4  – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්
  • ජුනි 7  – පාකිස්තානය – බ්‍රිස්ටල්
  • ජුනි 11  – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
  • ජුනි 15  – ඕස්ට්‍රේලියාව – ඕවල්
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්‍රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්‍රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.


                            >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

[socialpoll id=”2548854″]