ශ්‍රී ලංකාව මල්ලවපොර ක්‍රීඩාවෙන් ඉතිහාසගත වෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය ඊයේ අවසන් වුනා.
ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව්ව රැසක අවසන් මහා තරග ඊයේ පැවති අතර එහි දී නව පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වාර්තා (Commonwealth Games Record) දෙකක් අලුත් වීමත් විශේෂත්වයක්.
මලල ක්‍රීඩා
18 හැවිරිදි කෙන්යානු මලල ක්‍රීඩිකා Jackline Chepkoech ඊයේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ අවසන් මහා තරගයට සහභාගී වූ අතර එහි දී ඇය මිනිත්තු 9:12.56කින් ඉසව්ව අවසන් කරමින් සිය හොඳම දක්ෂතාව ද සමඟින් නව පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වාර්තාවක් පිහිටුවන්නට සමත් වුනා.
මිනිත්තු 9:17.68ක සිය හොඳම දක්ෂතාවය වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකා Elizebeth Bird විසින් රිදි පදක්කම ජයග්‍රහණය කරද්දී, උගන්ඩා ක්‍රීඩිකා Peruth Chemutai විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළේ මිනිත්තු 9:23.24ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි.

ඉසව්වේ රිදි පදක්කම ඩොමිනිකාව නියෝජනය කරන Thea Lafond (මීටර් 14.39ක්) විසින් දිනා ගනිද්දී, එංගලන්ත ක්‍රීඩිකා Naomi Metzger විසින් මීටර් 14.37ක් සමඟ සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ද සමඟින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

පිරිමි මීටර් 3 Synchronized Springboard ඉසව්වේ පැවති අවසන් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක Anthony Harding සහ Jack Laugher විසින් රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඒ 438.33 ලකුණු ප්‍රමාණයක් වාර්තා කරමින්. Jack විසින් දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වන අතර මීට පෙර ඔහු මීටර් 1 Springboard ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබුණා.
ඉසව්වේ රිදි පදක්කම මැලේසියාවේ Gabriel Gilbert සහ Muhammad Syafiq විසින් ජයග්‍රහණය කරද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන Samuel Fricker සහ Shixin Li විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

ඉසව්වේ රිදි පදක්කම දිනා ගන්නට කැනේඩියානු ක්‍රීඩකයින් වන Rylan Wiens සහ Nathan Zsombor-Murray සමත් වෙද්දී, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන Paul Bedggood සහ Emmanuel Rousseau විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

- ජැමෙයිකාව කඩුලු මතින් දිවීමේ රන් පදක්කමට
- නෙත්මි ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය අලුත් කරයි
- ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අණසක පැතිර වූ CWG 7 වැනි දිනය
- සාරංගි අවසන් වටයට යද්දී ගයන්තිකා මූලික වටයේ හත්වැනි තැනට
- කාලිංග සහ නිලානි 7 වැනි ස්ථානයට
මල්ලවපොර
මෙම ක්‍රීඩාවේ ඊයේ පැවති අවසන් තරගවල දී වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට ඉන්දියාව සමත් වුනා.
කාන්තා Freestyle 63kg ඉසව්වේ දී කැනේඩියානු ක්‍රීඩිකා Godinez Gonzales පරාජය කරමින් රන් පදක්කම දිනා ගන්නට ඉන්දියාවේ Sakshi Malik සමත් වුනා. ඊට අමතරව පිරිමි Freestyle 86kg කාණ්ඩයේ රන් පදක්කම ද ඉන්දියාව සතු වුනා. පාකිස්තානයේ Muhammad Inam පරාජය කරමින් Deepak Punia රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.
ඊට අමතරව පිරිමි Freestyle 65kg ඉසව්වේ දී කැනේඩියානු ජාතික Lachlan McNeil පරාජය කරමින් රන් පදක්කම දිනා ගන්නට ඉන්දියාවේ Bajrang Punia සමත් වුනා.
එම ඉසව්වලට අමතරව, කාන්තා Freestyle 68kg ඉසව්වේ ප්‍රථම ස්ථානය නයිජීරියාවේ Blessing Oborududu විසින් දිනා ගනිද්දී, පිරිමි Freestyle 125kg ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට කැනඩාවේ Amarveer Dhesi සමත් වුනා.

ඒ අනුව 8 වැනි දිනය නිමා වෙද්දී රන් පදක්කම් 50ක්, රිදි පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 46ක් සමඟන් ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර එංගලන්තය සහ කැනඩාව පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිනවා. මීට අමතරව 7 වැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ 7 වැනි තැන රැඳී සිටි ඉන්දියාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.
ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය අදයි (06). අද ඉසව්ව රැසක අවසන් මහා තරග පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<
























