රතු, කහ මදිවට තවත් එකක්!

81

එළඹෙන ඩයලොග් අන්තර් සමාජ රග්බි තරග වාරයේ දී රතු සහ කහ කාඩ්පත් වලට අමතරව නිල් කාඩ්පතක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර ඇත. හොංකොං රාජ්‍යය සහ මැලේසියාවෙන් පසු නිල් කාඩ්පත හඳුන්වා දුන් තුන්වන ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.

ලංකාවට එන විජාතික බලවේග

පසුගිය වසරේ දක්ෂතාවලට අනුව අවසන් ස්ථාන දිනා ගත් …….

නිල් කාඩ්පත විශේෂයෙන් හඳුන්වා දී ඇත්තේ තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට හිසේ ආබාධයක් ඇති වූ විට ඔහුව එම අවස්ථාවේ දී පිටියෙන් ඉවත් කොට නැවත ක්‍රීඩා කළ හැකි තත්වයට ආ පසු ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දීමටයි. විශේෂයෙන් පාසල් රග්බි තරග වාරයේ දී ‘Concussion” තත්වය දැන් විශාල ගැටලුවක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවට නිල් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීමට දායක වූ ශ්‍රී ලංකා රග්බි වෛද්‍ය කමිටු සභාපති සහ ලෝක රග්බි වෛද්‍ය අධ්‍යාපනඥ වෛද්‍ය නමිත් සංකල්පන පවසන පරිදි නිල් කාඩ්පත හඳුන්වා දීමට ප්‍රධාන හේතුව වන්නේ ක්‍රීඩකයෙකු අනතුරකින් වළක්වා ගැනීමයි.

“මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ‘Concussion” තත්වය සඳහා ක්‍රියා පටිපාටියක් තිබුනත්, එය නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නැත. සමහර අවස්ථාවල දී ක්‍රීඩකයෙක් තම ආබාධය බැරෑරුම් ලෙස නොසලකන අතර කණ්ඩායම් නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව හෝ ක්‍රීඩා කිරීමට ආපසු පැමිණි අවස්ථා ද තිබුණි. එසේම සමහර විට තරග වෛද්‍යවරයා විසින් නියෝග කරන විට එම ක්‍රීඩකයා එම තීරණයට වැඩි කැමැත්තක් දක්වන්නේ ද නැත. ඒ එම ආබාධය කොතරම් භයානක දැයි ඔවුන් නොදන්නා බැවිනි.”

“නිල් කාඩ්පත හඳුන්වා දීමෙන් ඉහත තීරණ සහ ක්‍රියාවන් නිල වශයෙන් කෙරෙනු ඇත. තරගයේ දී ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වූ විට වෛද්‍යවරයා විනිසුරුවරයාට දන්වා, ඔහුට නිල් කාඩ්පත පෙන්වන අතර ක්‍රීඩකයා පිටියෙන් පිටත් කර හරිනු ඇත.” යනුවෙන් ද අදහස් දක්වා තිබුණි.

අත්දැකීම් බහුල CR & FC කණ්ඩායම ආධිපත්‍ය පතුරවන්නට සූදානමින්!

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායක ……..

නිල් කාඩ්පතක් පෙන්වීමෙන් අනතුරුව වෛද්‍ය කමිටුවෙන් එම ක්‍රීඩකයා මුදා හරිනතුරු ඔහුට වෙනත් කිසිම තරගයකට සහභාගී විය නොහැක. එම ක්‍රීඩකයා ගැන වාර්තාවක් ශ්‍රී ලංකා රග්බි කමිටුවේ වාර්තා පොත් සහ නිල වෙබ් අඩවිවල සටහන් කෙරෙනු ඇත.

එයින් අදහස් කරන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර හා විවේකය යන ප්‍රතිකාර අනුගමනය නොකර එම ක්‍රීඩකයාට වෙන තරගයක් සඳහා සහභාගී විය නොහැකි බවයි. එම ක්‍රීඩකයාට අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මීළඟ තරගය සඳහා අදාළ වාර්තා සහ ලියකියවිලි තරග කොමසාරිස් හට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයාට මීළඟ තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවේ.

විජයග්‍රහණයකට සූදානම් වන යුද හමුදාව!

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට ……..

ප්‍රථමයෙන් A කාණ්ඩයේ සමාජ මට්ටමින් මෙම නීතිය යොදන බවත් පසුව සෑම කාණ්ඩයකටම මෙම නීතිය බලපාන අයුරු ක්‍රියා කරන බවත් වෛද්‍ය සංකල්පන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය එළඹෙන 29 වැනි දින ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සජීව විකාශය, ඡායාරූප, පුවත් සහ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<