පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

241

පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව ඇති සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය තේරීම් කමිටුව විසින් නම් කර තිබුණා.

සුපුරුදු පරිදි මෙම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇති අතර මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 19 වැනිදා පාකිස්තානය බලා පිටත්වීමට නියමිතයි.

තරගය හයකින් යුත් මෙම තරගාවලිය සඳහා එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වේ.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම,

1) චමරි අතපත්තු – නායිකාව

2) හසිනි පෙරේරා

3) හර්ෂිතා සමරවික්‍රම

4) ඉමේෂා දුලානි

5) ප්‍රසාදිනී වීරක්කොඩි

6) නිලක්ෂි ද සිල්වා

7) කවීෂා ඩිල්හාරි

8) අමා කාංචනා

9) අචිනි කුලසූරිය

10) ඉනෝකා රණවීර

11) උදේශිකා ප්‍රබෝධනී

12) සුගන්ධිකා කුමාරි

13) සචිනි නිසංසලා

14) ඕෂධී රණසිංහ

15) අනූෂා සංජීවනී

අතිරේක ක්‍රීඩිකාවන්,

1) කාව්‍යා කාවින්දි

2) රශ්මි ද සිල්වා

3) සත්‍යා සංදීපනී

4) මල්ෂා ශෙහානි

5) තාරිකා සෙව්වන්දි

මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<