Mumbai Indiansට සුපිරි පිතිකරුවෙකු අහිමි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

773

පසුගිය 6 වැනිදා Gujarat Titans සමඟ පැවති තරගයේ දී ඇතිවූ ආබාධයක් නිසාවෙන් Mumbai Indians කණ්ඩායමේ සුපිරි පිතිකරු Suryakumar Yadav හට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ති‌බෙනවා.

Mumbai Indians වෙනුවෙන් මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවෙකු වන Suryakumar Yadav අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් වන අතර ඔහු සඳහා ආදේශක ක්‍රීඩකයෙකු මෙතෙක් නම් කර නැහැ.

Yadav මෙවර තරගාවලියේ දී 43.29ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 303ක් ලබා ගැනීමට සමත් වූ නමුත් අනෙකුත් ක්‍රීඩකයින් දස්කම් අතර නොසිටීම නිසා සහභාගී වූ තරග 11න් 9ක් පරාජයට පත්වෙමින් Mumbai Indians ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.

තරගාවලිය පුරාවට අර්ධ ශතක තුනක් සමඟින් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ Yadavට මීට පෙර ද අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ලැබුණේ නැහැ.

“Suryakumar Yadavගේ වම් අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඔහුට තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍යවරුන් ආබාධය පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුට විවේක ගන්නා ලෙස ඔවුන් ප්‍රකාශ කර තිබුණා”, යැයි කණ්ඩායම නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වුනා.

තරගාවලියේ සහභාගි වූ පළමු තරග 8ම පරාජයට පත්වූ Mumbai Indians පසුව තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වූවත්, ඔවුන්ට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැන පසුවෙමිනුයි.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<