Shakib Al Hasanට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

229

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා.

පසුගිය කාලසීමාවේ ඇමරිකාවේ සිටි Shakib, ශ්‍රී ලංකාව සමඟ මෙම මස දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී මෙලෙස කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා.

Shakib Al Hasanට කොරෝනා ආසාදනය වී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරී Manzur Hossain විසින් risingbd වෙබ් අඩවිය වෙත තහවුරු කරමින් ප්‍රකාශ කර තිබුණේ,

“Shakib Al Hasan අද උදෑසන නිවසට පැමිණියා. කොරෝනා වෛරසයට අදාළ නීතීන්ට අනුව ඔහු ඊයේ එම පරීක්ෂාවන් සිදුකළ අතර රාත්‍රියේ දී එහි ප්‍රතිඵල ලැබුණා. එ අනුව ඔහුව මේ වන විට හුදෙකලා කරලයි තියෙන්නේ.”

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු වන Shakib Al Hasan හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වන බව ද වාර්තා වේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය 23 වැනිදා ආරම්භ වීමට සූදානම්ව ඇත.

Risingbd ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<