ඉන්දියාව හමුවේ ශ්‍රි ලංකා පිතිකරුවන් අසරණ වෙයි….

113
ලකුණු 364ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා පිලට ඕවර 39.2ක් තුලදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 194ක් පමණි. තරග පහකින් සමන්විත ඉන්දු- ශ්‍රි ලංකා පළමු එක් දින තරගයේදී ලද දැවන්ත පරාජයෙන් පසු ශ්‍රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේ මෙසේ ප්‍රකාශ කර සිටියේය.
 
“අපගේ පිතිකරුවන් ධනාත්මක ප්‍රවේශයක් අතිව දග පන්දු සහ වේග පන්දු යවන්නන් හට එකසේ මුහුණ දී ලකුණු රැස් කිරීමට උත්සාහ ගතයුතුය. ලකුණු 360ක ඉලක්කයක් හඹා යෑමේදී පළමු ඕවර 10තුල වෙනත් ප්‍රවේශයකින් ක්‍රීඩා කල යුතුය. මා හිතනා ආකාරයට පළමු ඕවර 10 තුල අප දැක්වු පිතිකරණය අපගේ පසු බෑමට හේතු විය.”
 
ශ්‍රි ලංකා පිලේ පළමු පෙල පිතිකරුවන්ගෙන් වැඩ්ම ලකුණු රැස් කරගත හැකි වුයේ මහේල ජයවර්ධන(43)ට පමණි. කුමර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් පිලිවෙලින් ලකුණු 13ක් හ 18ක් රැස් කර ගත්තේ ඔවුන්ගේ සුපුරුදු දස්කම් නොපෙන්වමිනි.
 
“ක්‍රීඩා කිරීමට පහසු තණතිල්ලක් ලැබුණද, අප අත ප්‍රමාණවත් කඩුළු සංඛ‍යාවක් නොතිබූ නිසාත්, අපගේ ආරම්භය සුබදායී නොවූ නිසාත් ලකුණු 360ක ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය. පළමු ඕවර 10 තුලදී මන්ධගාමී පිතිකරණය අපගේ පරාජයට මූලික හේතුව විය.” මැතිව්ස් මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.
 
ශ්‍රි ලංකා කණ්ඩායම් නායකයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තම රටේදි ඉන්දියානු පිල දැඩි තරගකාරී ස්වභවයකින් තරග කරනු ඇති බවය. 
 
“පන්දු යවන්නන් සදහා මෙම තණතිල්ල සුදුසු තණතිල්ලක් නොවීය. කොතරම් අපහසු වුවත් කණ්ඩයම නැවත ජයග්‍රාහී මාවතට ගැනිමට අප යුහුසුළු විය යුතුය. අප පන්දු යවන්නන් මෙම තරගයේදි ඔවුන්ගෙන් සිදු වු වැරදි, නිවැරදි කරගෙන ඉදිරි තරග වලදි හොදින් පන්දු යවයි යැයි මා සිතමි.”  
 
“ඉන්දියාවට පැමිණ, ඔවුන් පරාජය කිරීම අපහසු කාර්යයක් වුවත් මෙය අපට හොද අවස්ථාවක් වනු ඇත. ඉන්දියානු පිල එක් දින තරග හා විස්සයි විස්ස තරග වලදී හොද දස්කම් අතරට පැමිණි කණ්ඩායමකි.”
 
කුමාර් සංගක්කාර අතින් ගිලිහුණු, ශතක රැස් කල අජින්කයා රහානෙ සහ ශිකර් ධවාන්ගේ උඩ පන්දු ගැනද ඇන්ජලො තම මතකය අවදි කලේ ය.
 
“අපගෙ නවක පන්දු යවන්නන් පළමු ඕවර 10 තුල හොදින් පන්දු යැවුයේය.”
 
“අප ඔවුන්ගේ උඩ පන්දු අතහැරියත්, ඔවුන් පන්දුවට පහර දුන් ආකරයත්, අපගේ පන්දු යවන්නන්ට ඔවුන් එල්ල කල අභියෝගයත් ඉතා ප්‍රසංශණියයි.” ශ්‍රි ලංකා නායක කියා සිටියෙය.
 
“ඔවුන් හොද පහරවල් එල්ල කලා අතර, රහානෙ හා ධවාන් ඉතා හොදින් ක්‍රීඩා කරමින් ලකුණු අතරට පැමිණියේය. අපගෙ අත්දැකීම් අඩුකම මෙයින් හොදින් පෙන්නුම් වුනා, මේ තරගයෙදි අප අතින් සිදුවු වැරදි සාදා ගෙන හොදින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.” තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලො තම ප්‍රකාශය අවසන් කලේය.