මහීෂ්ගේ දස්කම් නිසා Twitter උණුසුම්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

14096

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (04) පැවති Royal Challengers Bangalore කණ්ඩායම සහභාගී වූ තරගයේ දී ඉහල දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

Royal Challengers පිතිකරුවන් හොඳින් ලකුණු අතර සිටින අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ මහීෂ් අවසන් පන්දුවාර කිහිපය තුළ හොඳින් පන්දු යැවූ අතර තරගයේ තීරණාත්මක පන්දුවාරයක් වූ 19 වැනි පන්දුවාරයේ දී ලකුණු දෙකක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට ඔහුට හැකි වීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම Mahipal Lamror දවාගත් මහීෂ් දෙවැනි පන්දුවේ දී වනිඳු හසරංගව ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළ අතර අවසන් පන්දුවේ දී Shahbaz Ahmed දවා ගැනීමට ඔහුට හැකි වුනා.

ඔහුගේ මෙම කැපී පෙනෙන දස්කම් නිසාවෙන් Royal Challengers ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 173කට සීමා කිරීමට Chennai Super Kings කණ්ඩායමට හැකි වුනා.

ඔහුගේ මෙම දස්කම් බොහෝ  දෙනාගේ අවධානයට ලක්ව තිබූ අතර Twitter හී සටහන් තබමින් බොහෝ  දෙනා  ඔහුට ප්‍රසාදය පල කර තිබුණා .

කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Chennai නායක MS Dhoni පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Royal Challengers නායක Du Plessis තරගයට හොඳ ආරම්භ යක් ලබා දීමට සමත්වූවත් Glan Maxwell සහ Virath Kholiගේ දැවී යාමත් සමඟ තරගයේ වැඩි වාසි Chennai කණ්ඩායමට හිමි වුනා.

ඉන්පසු පිටියේ එක්වූ Rajat Patidar සහ Mahipal Lomror ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එක්කරමින් සිය ඉනිම ගොඩනැගුවා.

19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් නැවතත් Chennai ක්‍රීඩකයින් තරගයට ගෙන ඒමට මහීෂ් තීක්ෂණට හැකි වූවත්, අවසන් පන්දුවාරයේ දී ලකුණු 16ක් ලබා ගනිමින් සිය කණ්ඩායම හොඳ ලකුණු පුවරුවකට රැගෙන යාමට Dinesh Karthikට හැකි වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai ක්‍රීඩකයින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත්වූවත් Hazelwood ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි

Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් මෙවර තරගාවලියේ එකිනෙකා මුණ ගැසුණු දෙවැනි අවස්ථාව මෙය වූ අතර මීට පෙර තරගයේ ජය හිමි වුනේ Chennai Super Kings කණ්ඩායමටයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<