ප්‍රීමියර් ලීගයේ ඉහළම වටිනාකම ආජන්ටිනා ක්‍රීඩකයෙකුට

715

පසුගිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා වූ ආජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් හට වාර්තාගත වටිනාකමක් හිමිව තිබෙනවා. ඒ චෙල්සී කණ්ඩායමෙන්.

බෙන්ෆිකා කණ්ඩායම නියෝජනය කළ ෆර්නැන්ඩස් හට චෙල්සී විසින් පිරිනැමුණු මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 106.8ක් (ඇ.ඩො.මිලියන 131.46). ඒ 8 අවුරුදු කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන්. ඒ අනුව එංගලන්ත ප්‍රීමියර් ලීගයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ ෆර්නැන්ඩස්.

22 හැවිරිදි ෆර්නැන්ඩස්ව කණ්ඩායමට මිල දී ගැනීමත් සමඟ චෙල්සී කණ්ඩායම විසින් මේ තරග වාරයේ මෙතෙක් පවරා ගත් ක්‍රීඩකයන්ගේ වටිනාකම පවුම් මිලියන 300 ඉක්මවූවා. ෆර්නැන්ඩස් හට අදාළ මුදල කොටස් වශයෙන් ගෙවනු ඇති බව වාර්තා වනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<