යුද, නාවික, රත්නපුර සහ කෑගල්ල නගරාධිපති කුසලානයේ අවසන් තරගවලට

2022 නගරාධිපති කුසලාන අභියෝගතා මිශ්‍ර දැල්පන්දු තරගාවලිය

204

ඊයේ (24) BRC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ නගරාධිපති කුසලාන අභියෝගතා මිශ්‍ර දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගන්නට යුද හමුදා, නාවික හමුදා, රත්නපුර දිස්ත්‍රික් සහ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් සමත් වුනා.

ඔවුන් අතරින් යුද හමුදා සහ රත්නපුර ක්‍රීඩිකාවන් එක් අවසන් පූර්ව තරගයක් සඳහා ක්‍රීඩා කරද්දී නාවික හමුදා සහ කෑගලු කණ්ඩායම් දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

>> පළමු දිනයේ ඡායාරූප ඇල්බමය <<

තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරග කරනු ලැබුවා. එහි දී A කාණ්ඩයෙන් ශ්‍රී ලංකා යුද හමුදා, කෑගල්ල දිස්ත්‍රික්, කොළඹ මහ නගර සභා සහ බස්නාහිර පළාත් යුනයිටඩ් යන කණ්ඩායම් තරග වැදෙද්දී, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකා නාවික, ශ්‍රී ලංකා පොලිස්, අනුරාධපුර දිස්ත්‍රික් සහ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් තරග වැදුණා.

A කාණ්ඩය

යුද හමුදාව ඔවුන් සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරන්නට සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ යුනයිටඩ් 25-20ක් ලෙසත්, කොළඹ නගර සභා කණ්ඩායම 31-21ක් ලෙසත් සහ කෑගල්ල කණ්ඩායම 26-19ක් ලෙස පරාජය වුනා.

මේ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් කෑගල්ල කණ්ඩායම යුද හමුදාවට පමණක් පරාජය වූ අතර අනෙක් තරගවලින් (කොළඹ නගර සභා 32-14ක්, යුනයිටඩ් 28-19ක්) ජයග්‍රහණ වාර්තා කළා.

  • යුද හමුදා 25 – 20 යුනයිටඩ්
  • කොළඹ නගර සභා 14 – 32 කෑගල්ල
  • යුද හමුදා 31 – 21 කොළඹ නගර සභා
  • යුද හමුදා 26 – 19 කෑගල්ල
  • යුනයිටඩ් 19 – 28 කෑගල්ල
  • කොළඹ නගර සභා 24 – 22 යුනයිටඩ්

B කාණ්ඩය

අනුරාධපුර 31-8ක්, රත්නපුර 36-19ක් සහ පොලිස් 29-19ක් ලෙස පරාජය කරමින් නාවික හමුදාව කාණ්ඩයේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා. රත්නපුර කණ්ඩායම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ පොලිස් 23-17ක් ලෙසත් අනුරාධපුර 26-9ක් ලෙසත් පරාජය කරමිනුයි.

  • නාවික හමුදා 31 – 8 අනුරාධපුර
  • පොලිස් 17 – 23 රත්නපුර
  • නාවික හමුදා 36 – 19 රත්නපුරා
  • නාවික හමුදා 29 – 19 පොලිස්
  • පොලිස් 29 – 14 අනුරාධපුර
  • අනුරාධපුර 9 – 26 රත්නපුර

තරගාවලියේ අවසන් පූර්ව තරග අද (25) උදෑසන පැවැත්වෙන අතර තෙවැනි ස්ථානය සහ අවසන් මහා තරගය පිළිවෙළින් දහවල් 2ට සහ සවස 5ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය සජීව ලෙස ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<