ශ්‍රී ලංකාවේ නවයක් ලෝක බලවතාගේ රටේ ක්‍රිකට් වලට

ඇමරිකා එක්සත් ජනපද Minor League ක්‍රිකට් තරගාවලිය

237

1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාගේ පුත් දයාන් රණතුංග ද ඇමරිකා එක්සත් ජනපද දේශීය ක්‍රිකට් තරගාවලියක් වන Minor League ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලබාගෙන තිබෙනවා.

ඔහුට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු මේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව දිනාගෙන තිබෙනවා. නගරවල නම් සහිතව කණ්ඩායම් 27ක් සහභාගී වන මේ තරගාවලිය ජූලි 31 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

මේ සඳහා ශ්‍රී ලංකාවට අමතරව, තවත් රටවල් කිහිපයක යොවුන් ක්‍රීඩකයින් සහ මැදිවියේ පසුවන ඒ ඒ රටවල්වල පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයින් 80ක් පමණ සහභාගී වන අතර ඒ අතරින් දස්කම් දක්වන ක්‍රීඩකයින් හට ඉදිරියේ දී ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය මූලිකම සුදුසුකමක් වන්නේ ඇමරිකා එක්සත් ජනපද Minor League ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කර තිබීමයි.

Minor League ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සම්භවයක් තිබෙන ක්‍රීඩකයින් නියෝජනය  කරනු ලබන ඒ ඒ කණ්ඩායම් පහත දැක්වෙනවා.

  • Hollywood Master Blasters – දයාන් රණතුංග, ෂෙහාන් ප්‍රනාන්දු.
  • Silicon Valley Strikers – ශෙහාන් ජයසූරිය
  • New Jersey Somerset Cavaliers – රුවිඳු ගුණසේකර
  • FT.Lauderdale lions – ඉසුරු කුරුවිටගේ, රෝයි සිල්වා
  • Atlanta Fire – අමිල අපොන්සු
  • Socal Lashings – ගයාන් ප්‍රනාන්දු, පීටර් විට්ටාචි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<