Dialog තවදුරටත් පැරා ක්‍රීඩකයින්ට දිරිය දෙයි

133

පුරා දශක දෙකකට අධික කාලයක් ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල අනුග්‍රාහකයා වූ Dialog Axiata PLC ආයතනය සිය අනුග්‍රාහක ගිවිසුම තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

2000 වසරේ සිට මේ දක්වා පැරාලිම්පික් කමිටුවේ අනුග්‍රාහකයා වූ Dialog ආයතනය පසුගිය වසර විස්ස තුළ ජාතික පැරා තරගාවලි, ලෝක පැරා තරගාවලි, පැරාලිම්පික් උළෙල සහ යුධ හමුදා පැරා ක්‍රීඩා උළෙල වැනි තරගාවලි රැසක දී එම ක්‍රීඩකයින්ට සවියක් වුනා.

මෙරට පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය අවුරුදු කිහිපය තුළ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර පසුගිය වසරේ පැවති පැරාලිම්පික් උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත විසින් හෙල්ල විසි කිරීම ඉසව්ව ලෝක වාර්තාවක් සමඟින් ජය ගනිමින් මෙරටට පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනා දීමට සමත් වුනා.

එමෙන්ම එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා

ජාතික පැරාලිම්පික් උළෙල සඳහා Dialog Axiata සිය අනුග්‍රහය ලබා දීම දීර්ඝ කිරීම පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති දීපාල් හේරත් මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ විශාල දුරක් ඇවිත් තියෙනවා, 2020 පැරාලිම්පික් උළෙල එයට සාක්ෂි දරයි. ඒ වගේම අපේ ක්‍රීඩකයින් ගැන විශ්වාසය තබමින් අපි සමඟ හිටපු එක ගැන Dialog Axiata ආයතනයට මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම ඉදිරියටත් ඔවුන් අපි සමඟ ඉන්න එක විශාල සතුටක්”.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<